"....තව අවුරුද්දක් මං බලනවා. එතනින් එහාට මං තවත් ඉවසන්නෑ. රස්සාවක් හරි හොයාගෙන මෙහෙන් යන්නම යනවා.." පලවෙනි වතාවට දෙව්මිව ඇරෙන්න තවත් කෙනෙක්ව මං විශ්වාස කළා. මේ වෙලාවෙ මට ඕනෙ වුණේ මාව අහන් ඉන්න පුළුවන් කෙනෙක්. මගේ වාසනාවකටද කරුමෙකටද කියන්න මං දන්නෑ ඒත් එයා මාව අහන් හිටියා.
පුරුදු විදිහටම එයා හීනි ඇස් ලොකු කරන් මං දිහා බලන් හිටියා. හරියට කල්පනා ලෝකෙක අතරමං වෙලා වගේ. ඒ ඇස් එහෙ මෙහෙ දුවනවා.
"නෑ..මට ඔයාගෙන් උත්තරයක් ඕනෙ නෑ...මාව අහන් හිටිය එකම ඇති." මං කිව්වා. එයා අමාරුවෙන් හිනා වුණා.
අහස එකපාරටම එයාගේ වලාකුළු කලු කරගත්තා. ඒ ගමන්ම හීත හුලඟක් හැමුවෙ හදිසි වැහි කෝඩයක පෙරනිමිති කියමින්. ටිකකින් වැහි බිංඳු එක දෙක වැටෙන්න පටන් ගත්තා.
"අපි යන්.... නැත්තන් තෙමෙයි" මං ඉස්සර වුණා.
"අපි ඉමු...මට ඔයත් එක්ක තෙමෙන්න ආසයි. " මං හිතුවා විතරයි. කිව්වෙ නෑ.
"උගන්නන්නෙ නැද්ද ඔයාලට..." මං එයාගෙ ස 'වියට් එකෙන් අත පිහිදාන ගමන් ඇහුවා. වැස්සෙන් බේරෙන්න අපි දෙන්න ආවෙ එයාගෙ ක්ලාස් එකට. මුළු පන්තියටම හිටියෙ ළමයි හතර පස් දෙනයි.
"මේ පීරියඩ් දෙක ෆ්රී...." එයා මං ලඟින් වාඩි වුණා. වැස්ස වෙලාවෙදි එන අමුතු චිල් එකත් එක්ක එයා ගාවින් එක කාම් ජැස්මින් සුවඳ මට ගෙනාවෙ හරි අමුතු ෆීලින් එකක්..ඒක මාව අන්කම්ෆටබල් කරනවා.
"මේ...."
"ඕ...."
"කොච්චර කාලයක් මගේ පස්සෙන් ආවද..." කෙල්ලගෙ මූණ ලා රතු පාටකට හැරුණා.
"කියන්නකෝ..."
"මොකටද ??"
"නිකන් බං....දැනගන්න අහන්නෙ " එයා ඇඟිලි පටලවගෙන නොපෙනෙනෙ සීමාවක් දිහා බලන් හිටියා. ඊලඟට බර හුස්මක් පාතට දැම්මා.
"අවුරුද්දක් විතර...." මට කට කොනකින් හිනා ගියා.
"මං දැක්කෙ මේ ලඟදිනෙ ඔයාව..." එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවා. මගේ ඇගේ කරන්ට් එකක් දිව්වා. මං කෙල ගුලියක් ගිලලා බිම බලාගත්තා.
YOU ARE READING
ස්නේහ (GL)
Romanceබොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?