"ම්ම්ම්...මේකනම් රහයි බං" දෙව්මි පාස්තා එකේ අන්තිම අඩියත් හූරගෙන කෑවා. වෙලාව උදේ හයාමාරයි. ලෙඩ්ඩු බලන වෙලාව නිසා වෝඩ් එක පිරිලා ඉතිරිලා ගිහිල්ලා.
උණ වැඩිවෙච්ච නිසා දෙව්මිව කළුබෝවිල හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා දැන් දවස් දෙකක් වෙනවා. ලොකු ඩොකා ඇවිත් හවස් වෙද්දි ටිකට් කපන්න පුළුවන් කිව්වත් මෙහෙ කියන දේ නෙමෙයි කරන්නෙ. දෙව්මිව බලන්න යන්න තියා කතා කරන්නවත් විදිහක් තිබුණෙ නැති නිසා එයාගෙ අම්මලගෙන් කාඩ් එක ඉල්ලගෙන උදේ පාන්දර ආවෙ අද සෙනසුරාදා නිසා. මේ දවස් දෙකට ඇදිලා ගිහිල්ලා කෙල්ල. හොස්පිටල් එකේ කෑම කාලා එපා වෙලා ඇත්තෙ. මං එයා පාස්තා එක මල පෙරේත කමට කන දිහා ආසවෙන් බලන් හිටියා.
එක අතකින් දෙව්මි හරි පවු. එයා තමා පවුලෙ වැඩිමලා. නංගිල දෙන්නයි මල්ලිලා දෙන්නයි. අම්මයි තාත්තයි දෙන්නම රස්සාවක් කරනවා. ඉතින් මේ වගේ වෙලාවකටවත් එයා ගැන බලන්න කවුරුවත් නෑ. එහෙම බැලුවහම දෙව්මියි මායි දෙන්නම එක වගේ. අපි විතරක් නෙමෙයි. ලෙඩ්ඩු බලන්න එයාලගෙ අම්මල තාත්තලා පුතාල දුවලා මුණුපුරු මිණිපිරියො රොත්ත පිටින් ඇවිත්. ඒත් සමහරු ඉන්නවා එයාලව බලන්න කවුරුවත් ඇවිත් නෑ. හොස්පිටල් එකෙන් තුන් වේලට දෙන එපා කරපු කෑම කාලා වෙන දෙයක් වෙච්චදෙන් කියලා ඔහේ බලන් ඉන්න අය. ගෙදරින් කොයිවෙලේ හරි කවුරුහරි එයි කියලා එන්ට්‍රන්ස් එක දිහාම සැරින් සැරේ බලන අය. එයාලා හිනා වෙනවා. ඒත් ඇස් දුකින් පිරිලා. සමහර වෙලාවට අපිත් එක්ක කියෝනවා. මගේ දුව මෙහෙමයි මගේ පුතා මෙහෙමයි මගෙ මිණිපිරී මෙහෙමයි කියලා හරි ආසාවෙන් කියෝනවා. ඒත් එයාලව තමන්ගෙ ආච්චිගෙන් සීයගෙන් වෙන් කරලා. පවුලෙන් ඈත් කරලා. නැත්තන් වෙන වෙන ප්‍රශ්න. පවු කියලා හිතෙනවා. ඒත් මොනා කරන්නද....
"කාලා ඉවරනම් මේ ටික බීපන්" මං වතුර බෝතලේ මූඩිය ඇරලා දෙව්මිට දුන්නා. බෙහෙත් පෙති 12ක්...හරියටම පෙති 12 ක්. ඔක්කොම එකපාර කටට හලා ගත්ත ඒකි වතුර බෝතලෙන් බාගයක් බීල ඉවර කළා. නර්ස් එහෙට මෙහෙට වෙනකන් හිටපු මං ඇඳේ පැත්තකින් වාඩි වුණා. ඇඳේ ඉඳගන්න දෙන්නෙ නෑ බයිනවා නැත්තන්.
YOU ARE READING
ස්නේහ (GL)
Romanceබොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?