9

591 64 10
                                    

මං ඇඳගෙන හිටපු බ්ලේසර් එක ගලෝලා පුටුවකින් වාඩි වුණා. ශිෂ්‍යත්වෙ කාලෙ ගෲප් ෆොටෝ එකට ඇන්ඳට පස්සෙ බ්ලේසර් එකක් ඇන්ඳමයි ඔය. ඉතුරු වෙලා තිබ්බ අන්තිම කේක් කෑලි දෙකෙන් එකක් මං ඉක්මන්ට කටේ ඔබාගත්තා. මං දන්නෑ හරියටම ඒ කේක් ජාතියෙ නම . ඒක අර චොක්ලට් කෑලි උඩින් දාපු පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ කේක් එකක් .

අපේ කමීට් එකේ පලවෙනි ඉවෙන්ට් එක මේ විදිහට ඉවර වුණා. ඇත්තටම හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. හිතුවට වඩා. සාගරිකා මිස් හෝම් සයන්ස් රූම් එකේ එයාගෙ ගාණෙ චූටි පාටියක් ඕර්ගනයිස් කරලා තිබ්බා. කමීට් එකේ උන් මහන්සි පැත්තක තියලා හොඳට ජොලි කරනවා. ටීචර්සලත් එහෙමයි . ගොඩක්ම හිටියෙ ට්‍රේනස්ලා නිසා එයාලා ලමයි එක්ක හරි එකතුයි. ලීඩ් මෙම්බර්ස්ලා හැමෝම වගේ එතන හිටියා . හැබැයි එයා විතරක් නෑ.

අදට සතියක් එයා ඉස්කෝලෙ නෑවිදින් ඉඳලා. හැමදාම උදේ ගේට් එක ගාව ඉඳලා, හැමදාම ඉන්ටවල් එක දිහාට එයාගෙ ක්ලාස් එක වටේ කැරකිලා, සෙත්මගෙන් අහනවද නැද්ද ගගා හිත එක්ක යුද්ධ කරලා...ඒ හැම දේටම සතියක් වෙනවා දැන්.

මට එයා ගැන අහන්න කෙනෙක් නෑ. එයාගේ ක්ලාස් එකේ ලමයිවත් එයාට මොකද වුණේ කියලා දැනන් හිටියෙ නෑ. රෙජිස්ටර් එකෙන් එයාගෙ ගෙදර නම්බර් එක හොයාගෙන කෝල් කලාම ඒත් ආන්ස්වර් කරන්නෙ නෑ. අඩුම ගානෙ එයා හොඳින් ඉන්නවද නැද්ද කියලවත් දැනගන්න විදිහක් නෑ. මේ දවස් හත මං ගෙව්වෙ කෝමද කියලා මටම හිතාගන්න බැරිවුණා. හැම තත්පරේකටම සැරයක් එයාව මගෙ ඇස් ඉස්සරහ ඇඳිලා මැකිලා යනවා වගේ මට තේරුණේ.

සෙත්මා එයාගෙ යාළුවා එක්ක බර කතාවක්. සැරින් සැරේ මං දිහාත් බලපු නිසා මගේ ගැනද දන්නෑ කතා කරන්නෙත් කියලා මට හිතුණා. ඒත් මොන මගුලකටද එයාල මං ගැන කතා කරන්නේ...

එකපාරට අපේ ඇස් හැප්පුනා. මං ඒක දැක්කා කියලා සෙත්මට මීටර් වුණ නිසා මං අත බැඳගෙන අහක බලාගත්තා. මං ආයෙ විනාඩියකින් ආයෙ බලද්දි එයාලා එතන හිටියෙ නෑ.

ඉඳලා තේරුමක් නැති නිසා මං මිස්ලටත් වැඳලා බෑග් එක කරට දාගෙන හෝම් සයන්ස් රූම් එකෙන් එලියට ආවා. වෙලාව හතරාමාරයි. මං ගේට් එක දිහාට ඇවිදගෙන යද්දි සෙත්මත් මගේ පස්සෙන් එනවා මට ඇස් කොනෙන් පෙණුනා. මං මගේ වේගෙ අඩු කරලා එයාට මාව ඉස්සර කරන්න ඉඩ දුන්නා. ඒ එක්කම මං එයාගෙ වැලමිටෙන් අල්ලලා එයාව නැවැත්තුවා.

ස්නේහ (GL) Where stories live. Discover now