මීට කාලෙකට ඉස්සර...
ඔව් මන් දරාගත්තා...හැබැයි අපා දුක් වින්දා!
---
පපුවට ලේ පොම්ප කරන එකත් නවත්තන හදපු වේලාවල් තියෙන්නත් ඇති!
මගේ මතකෙට පින්සිද්ද වෙන්න ඒ කාලේ අමතක වෙලා ගිහිල්ලත් ඇති!
අද වෙද්දි තමයි තේරුනේ ඔටෝ අමතක වෙලා නෙමේ,
ඒ කාළකන්නි මතක බෙහෙත් වලින්ම අමතක කරවලා කියලා!නුඹ නිසා මා විදි අපා දුක් වල කාළකණ්නි මතකයන් මේ වනවිට මගේ මතකයෙන්,මගේ මනසින්,මගේ හදවතින්,
දූවිලිවත් ඉතුරු නොවී නැතිවී ගොසින් අවසන් ය.ගැලරියෙ එක් පොටෝවක් දිහා බලමින් මුහුණේ සිනා ඉරි අදින්නට සමත් වූ ඒ දින වලට වඩා....සත්ය දැනගත් පසු නුඹව දකිනා විට මගේ මුහුණේ ඉබේ ඇතිවන සිනාරැල්ලට නුඹ පමණක් නොව මාද ප්රියකරමි!
ඉදින් ආදර,
දිනක් එයි අප හමුවනා,
අන්න එදිනට අප කතාවේ පටුන,
අහුවෙන තැනක ඔබේ අකුරෙන් ලියාතබන්න.!-මේඝනා.
YOU ARE READING
-With Love,කඩුපුල්- ❗
Poetry-පෙර ලියා තිබු About නැති වී ගොසින් ය.කුමක් සිදුවුවාද නොදනී.හිස් නොතිබිමට අවශ්ය නිසා මෙය ලියමි. 'තුන් කොන් නොවෙ මෙම ප්රේමය, මොන කොන්ද යැයි ද නොදනිමි. එහෙත් අප අතර තෙවෙනියෙක් නොසිටින බව දනිමි. ඉතින් නුඹ කාගෙද? මන් කාගෙද? මේවා දැවෙන ප්රශ්න වී හමාර...