මන්දාකිනිත් ගැටගහලා ප්රේමයට වදන් ලියන්න දන්නේ නෑ ඇත්තයි!
ඒත් ලිව්වොත් ඒ ලියන්නෙත් උබටයි ඒ ගැන නම් ස්ථීරයි!රෑ එළිවෙනකම් කොළ පිටින් පැටලුවත් උබ හට වචන
උදේට කුණු කූඩේට විසික් වෙන්නෙ ඒ ඔක්කොම
උබයි මායි මතක එකතු කරපු තැන
මන් ඉන්නෙ අද ඔහේ බලාගෙනඅද ඒ තැන් වල මාත් එක්ක මතක එකතුකරන්න ගොඩක් උන් බලාගෙන
උන් කොච්චර මහන්සි වෙනවද මගේ ඇස් බැල්මක්වත් ගන්න
ඒත් ඉතින් මට දැන් උන්ව නොපෙනෙන්නත් පටන් අරගෙනආදරේ දැනුනේ උබේ ඇස්වලින් විතරක් වෙනකොට
කොහොමද කියපන් බලන්නේ වෙන එකෙකුගෙ දෑසක්වත් අඩුම?ඒ අස්සෙ උබ කියනවලු 'කෙල්ලො කොහෙද අවංක'
අනේ අනිත් උන් ගැන නම් දන්නෑ මැණික
මන් අවංක නැත්තන් ඒ වචනෙත් මේ ලෝකෙන් අයින් කරන්න ඕන බව හුගක් උන් පිළිගන්නවා උබ ඇරෙන්න!වරදක් කියනවා නෙමෙයි උබ ගැන
ඒත් උබ නොදැක්කා වගේ ගියේ හොදම කෙනාව!මගේ පැත්තට පටවගන්නේ නෑ මන් වැරැද්ද
මන් කරා ආදරේ හිස්තැන් පිරෙන්න
දුන්නා නම් ඒ ආදරේ නන්ස්ටොප් උබට
උබ මේවෙනකොට මැරිලා ආදරේ දරාගන්න බැරුවදැන් එන්න එපා කිව්වට පත හෑලි කියෝගෙන
උබේ එක 'හ්ම්' කියන වචනෙත් ඇති මට හිතන්න දහසක් දේ ගැන
ස්තූතියි බලාපොරොත්තු නොදී දැන් ඉන්නවට
නැත්තන් තවත් මගේ හිත අස්සෙ එක්වෙන්නේ බලාපොරොත්තු විතරක් වෙනකොට
ඔක්කොම බදාගෙන ඉන්නේ කොහොමද මමකොයිවෙලෙක හරි මැරෙන්නේ දරාගෙන වැඩිවෙලා මාවම පුපුරලා වෙනකොට.!
-මේඝානා විසින් අහස් හට.
YOU ARE READING
-With Love,කඩුපුල්- ❗
Şiir-පෙර ලියා තිබු About නැති වී ගොසින් ය.කුමක් සිදුවුවාද නොදනී.හිස් නොතිබිමට අවශ්ය නිසා මෙය ලියමි. 'තුන් කොන් නොවෙ මෙම ප්රේමය, මොන කොන්ද යැයි ද නොදනිමි. එහෙත් අප අතර තෙවෙනියෙක් නොසිටින බව දනිමි. ඉතින් නුඹ කාගෙද? මන් කාගෙද? මේවා දැවෙන ප්රශ්න වී හමාර...