02

695 97 6
                                    

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්...
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්...
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්...
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං...

බෝසත් ඔබ සිත ළග උවැසිය වී
දැහැනට වී...
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී...
පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී...
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී...
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී...
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී...
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී...

සාලෙ පුරාවට නිරෝෂා විරාජිනියගෙ හඬ ගලාගෙන යනවා....

ශොප් එක වහල දාල ගෙදරට අඩිය තිබ්බා විතරයි....අද සෙනසුරාදා...නිවාඩු දවස හින්දා කස්ටර්මස්ලා වෙනදට වඩා වැඩියි....ඒකත් වැඩිපුරම තරුණ ජෝඩු....

කෙලවර මේස වල ඉදන් මුකුළු කරන ආදරේ විඳින උන් දැක්කම මට ලෝභයි....අවංකවම මට ලෝභයි....මට මං ගැන අනුකම්පාවයි....

නොහිතා උනත් මේ වෙලේ විරාජිනිය කරන්නෙත් මගෙ හිත තලන එක....සියුම්ම තැනට කටුවකින් අනින එක....අතීත මතක හාරාවුස්සන එක....

බෑග් එක එහෙමම පුටුවකට විසික් කරපු මම ගියෙ එයාව හොයාගෙන....මට කියල එයාගෙන් ඉතුරු උනු එකම දේ....නෑ මං වැරදියි....හරියටම කීවොත් එයාව බලාගන්න පුලුවන් එකම විදිහ....

"ඔයා හොඳින් ඉන්නවද මගෙ මහත්තයෝ....සතුටින් ඉන්නවද මගෙ විහාර...දන්නවද අද කැෆේ එකේ කට්ටිය පිරිලා.... ඔයා මට ගොඩනගලා දුන්න....මට පෙන්නපු පාරෙ මං හරි ලස්සනට දැන් යනවා මහත්තයො....ඔයා නැතුව ඔයා එක්ක...."

මං කතාකරා....හැමදාම වගේ වලගැහෙන කම්මුල් එක්ක හිනාවෙන පින්තූරෙට මං කතා කරා....CID ඔෆිසර් විහාර දේවේන්ද්‍ර...නොසැලෙන පෞර්ෂය....කරුණාවන්ත ඇස්....ආදරණීය ගතිගුණ එක්ක....උතුරන පිරිමිකම.... විහාර දේවේන්ද්‍ර වචනයේ පරිසමාර්තයෙන්ම නියම මිනිහෙක්....

පින්තූරෙ පැත්තක් ඉරිලා....නෑ හරි වචනෙ ඉරලා....ඔයයි මායි විතරක් දකින්න ඕනි හින්ද මම එයාව අයින් කරා මහත්තයා....ඔයා තරහ නෑ නේද... තරහ වෙන්නත් ඔයා දන්නෙ නෑනෙ මං එහෙම කරා කියල....අපි දෙන්න විතරක් ඇති නේද....මිසිස් දේවේන්ද්‍ර....එයා....එයා ඕනි නෑ....මගෙ ගාව පින්තූරෙ විතරක්වත් එයා ඕනි නෑ....

නෑ නේද....







𝓣𝓸 𝓫𝓮  𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭

නොහිමි Where stories live. Discover now