06

482 88 5
                                    

හීයක වේගෙන් ගෙවිලා යන දවස් අතරෙ අද ජීවිතේ විශේෂ දවසක්....අද මගෙ තිස්වෙනි උපන්දිනේ....එයාගෙ දහවෙනි විවාහ සංවත්සරේ....

දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්....මගෙ උපන්දිනෙත් එයාගෙ විවාහයත් එකම දිනේකට වැටුනෙ ඒ හින්ද වෙන්නැති....

එයා බඳිනකොට මට අවුරුදු විස්සයි....මගෙ ඒකපාර්ශ්වික ආදරේට අවුරුදු දෙකයි....අවුරුදු දෙකක් පුරාවට කඩුල්ලකින් විතරක් වෙන් වෙලා තිබ්බ මගෙ ආදරේ කසාදෙත් එක්ක බැඳිච්ච තාප්පෙන් ගොඩාක් දුරස් උනා... එයාගෙ හැමදේටම මිසිස් දේවේන්ද්‍ර එයා ගාවට ආවා....එයා ගාව හිටපු එයාගෙ ආදරේ හොයපු පුංචි කොල්ලා වෙච්ච මං ඈත් උනා...අසම්මතයකිනුත් අසම්මතයක්වෙච්ච මගෙ ආදරෙත් එක්ක මං ඈත් උනා....

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී...
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී...
මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී...
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී...

අදටත් මම බලාගෙන කතා කරන එයා වලගැහෙන කම්මුල් එක්ක හිනා වෙලා ඉන්න පින්තූරෙ ගත්තෙ එදා....විවාහක ජෝඩුව ගාව ඉදන් මම ගත්ත පින්තූරෙ....දැන් අවුරුදු දහයක් පරණයි....ඒත් අවුරුදු විසිතුනේදි කතා කරා වගේම තිහේදිත් මම තාම ඒ පින්තූරෙට කතා කරනවා....දැන් ඉන්න විහාර මීට වඩා වයසයි....දැන් පනහක්නෙ....අර්ධ ශතකයක් එයා ගෙවලා ඉවරයි....

හරියටම මීට අවුරුදු හතකට කලින් පන්සලේ විහාරෙ අලුත් වැඩියාව අතරෙදි මට විහාරව මුණ ගැහුනා....තනියම නෙවෙයි මිසිස් දේවේන්ද්‍ර වගේම පුංචි සෙතුල් එක්කම....

දැන් විහාරට මාව මතකද නැද්ද කියන්නවත් මම දන්නෙ නෑ....සමහරවිට අමතකත් ඇති....ඒත් මට....මට විහාර කියන්නෙ කවදාවත් අමතක වෙනවත් අමතක කරන්න පුලුවන් කෙනෙක්වත් නෙවෙයි....

විහාර කියන්නෙ අදටත් මගේ හැමදේම....





𝓣𝓸 𝓫𝓮  𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭

නොහිමි Where stories live. Discover now