09

507 87 5
                                    

"සෙනෙහස්...."

එයා මිමිණුවා...එයා මාව අඳුරගත්තා....මීට අවුරුදු ගානකට කලින් ඉඳපු කොල්ල නොවුනත් මැදිවියෙ මාව එයා අඳුරගත්තා....එයා වයසට ගිහින්....කොණ්ඩෙ සම්පූර්ණයෙන් සුදුවෙලා ....ඒ දවස්වල පිරිලා තිබුනු කම්මුල් ගිලාබැහැලා....මගෙ විහාර එයා දැන් ගොඩාක් දුර්වලයි....මොකද්ද මේ උනේ....එයා කොහොමද මේ වගේ තැනකට ආවෙ....කෝ වයිෆ්....කෝ පුතා....මට ප්‍රස්න කෝටියයි....ඒත් හැමදේටම කලින්....මං එයා ගාවට ගියා....අනේ එයා රෝද පුටුවක....

"මහත්තයා....මොකද උනේ මහත්තයා....ඇයි...මේ..."

එයා හිනා උනා....මගෙ ඔලුව අතගාපු එයා හිනා උනා....ඒක හරි අහිංසක හිනාවක්....හිනාව ඇතුලෙ තිබ්බ වේදනාව මම දැක්කා....හොඳටම දැක්කා....

"සෙනෙහස් දැන්....ලොකු මිනිහෙක්....නේද....එදා ඉදපු පොඩි කොල්ලා දැන් ලො...කු මිනිහෙක්....අර දුවද...."

දේවාගෙ දුව පෙන්නපු එයා ඒ මගෙ දුවද ඇහුවා.....මගෙ දුව නම් තමයි....හැබැයි මගෙ ලේ නෙවෙයි....

"ඒ දේවාගෙ ලොකු දුව මහත්තයා...."

දානෙ වැඩ කටයුතු වලින් පස්සෙ මම එයා එක්ක කතා කරා....ප්‍රශ්න අහන්න පටන් ගන්න තැනක් මට හිතා ගන්න බැරි උනා...මම අහන්නත් කලින්ම එයා හැමදේම මා එක්ක කිව්වා....නොහිතපු විදිහට එහේදි විහාරව පැරලයිස් වෙලා....එයාගෙ හැමදේම බලාගත්තෙ මිසිස් දේවේන්ද්‍රලු....අවාසනාවකට මිසිස් දේවෙන්ද්‍ර හැමෝටම කලියෙන් මේ ලෝකෙන් යන්න ගිහින්....අවසාන ප්‍රතිපලේ විදිහට සෙතුල් මගෙ විහාරව මේ වගේ තැනකට ගෙනැත් දාල ආපහු ඇමරිකා ගිහින්....මට හිතාගන්න බෑ සෙතුල් මොන වගේ දරුවෙක්ද කියල....තමන්ගෙ අප්පච්චිට එහෙම කරන්න තරම් ඒ දරුවගෙ හිත දරුණු උනේ කොහොමද....මෙච්චර හොඳ හිතක් තියෙන විහාරගෙ දරුවෙක් එහෙම උනේ කොහොමද.....

"හිතන්න එපා සෙනෙහස්....මට මගේ දරුවට අධ්‍යාපනේ දුන්නට ඌට හොඳ හිතක් දෙන්න බැරි උනා...."

වැඩිහිටි නිවාසෙට ආවෙ දේවාගෙ පවුලයි මමයි විතරක් උනාට ආපහු යද්දි ඒකට තව කෙනෙක් එකතු උනා ....

ඔව් මම එයාව එක්කන් ආවා....බෑ කියල දැඩි විරෝධයක් පෙන්නද්දිම මම එයාව එහෙන් අවසර අරන් එක්ක ආවා....මට පුලුවන්....මගෙ හයිය තියෙනකල් එයාව බලාගන්න....මට බැරි කමක් නෑ....මේ මගෙ ආදරේ....ඉතිං ඇයි මට බැරි එයාව බලා ගන්න....එයා තව දුරටත් තනි වෙලා නෑ....මගෙ විහාර එක්ක මං ඉන්නවා....

"කෝ ඔයාගෙ පවුල සෙනෙහස්....එයාල කොහෙද...."

මගෙ ගෙදරට ආව ගමන් එයාගෙ මුල්ම ප්‍රශ්නෙ උනේ ඒක....මගෙ පවුල ඔයයි මහත්‍තයා.....ජීවිතේ අවසාන කාලෙ හරි ඔයාව බලාගන්න ඔයා ලඟින් ඉන්න මට අවස්තාවක් හම්බෙලා....

"මගෙ පවුල මමම තමයි මහත්තයා....වෙන කවුරුත් නෑ...."

"සෙනෙහස්....!!"

මං හිනා වුනා....ඒක අවංකව දුන්න හිනාවක්....මගේ තනිකඩ ජීවිතේ මට කොයිම මොහොතකවත් පසුතැවීමක් නෙවෙයි....එයා නැතුව එයා එක්ක මං මගෙ ජීවිතේ ගෙව්වා....








𝓣𝓸 𝓫𝓮  𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭

නොහිමි Where stories live. Discover now