04

523 82 7
                                    

"සෙනෙහසා පන්සල පැත්තට යමන්ද....ලොකු හාමුදුරුවො එන්නයි කියල තිබ්බා..."

දේවා....දුකට සැපට හැමදේටම මට ඉන්න එකම යාලුවා....දේවා අනාත නිවාසෙ මා එක්කම එකට හැදුන කොල්ලෙක්....හීනෙන්වත් හිතුවෙ නැති විදිහට ඌ ආයෙ එතනින් එලියෙදිත් මට මුණ ගැහුනා....නෑ මුණ ගැස්සුවා....දේවාව මා ගාවට එක්ක ආවෙ එයා....මගෙ ගැලවුම්කාරයා....මගෙ දෙවියෝ....විහාර....එයා තමයි දේවාව මට මුණ ගැස්සුවෙ....එදා ඉදන් දේවා මා එක්ක....

පන්සලේ ලොකු හාමුදුරුවො මා එක්ක ගොඩක් සමීපයි....මගෙ නිවුණු ගතිගුණම ඒකට හේතුවක් වෙන්න ඇති....

"තෙරුවන් සරණයි....!"

"අපේ හාමුදුරුවනේ අපිට එන්න කියල තිබ්බෙ...."

"දරුවනේ විහාර මන්දිරේ ටිකක් අලුතෙන් පිරිසකර කරන්නයි මගේ බලාපොරොත්තුව....ඔය දරුවන්ට පුලුවන්නම් ඒකට සහභාගී වෙන්න...."

ලොකු හාමුදුරුවො එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු මම එහෙමම ආවෙ බෝ මලුවට....දේවා තවම ලොකු හාමුදුරුවො ගාව....බෝ අතු හොලවගෙන ලා හුළඟක් හමාගෙන යනවා...හිතට වගේම ගතට දැනෙන්නෙ පුදුමාකාර සැහැල්ලුවක්....

"දන්නවද දරුවො විහාර මන්දිරේ අලුත් වැඩියාවට සම්පූර්ණ දායකත්වය අපේ විහාර මහත්තයාගෙන්...."

ලොකු හාමුදුරුවො ටිකකට කලින් කියපු දෙයක් එක්ක මගේ හිත ආයෙම එයා ගාවට ගියා....එයාව හම්බුන දවස් වලට....ඒ මම සතුටෙන්ම හිටපු දවස්....

සමාජෙ ගැරහුම් විතරක් විඳපු සතුට කියන්නෙ මොකද්ද ආදරේ ලබනවා කියන්නෙ මොකද්ද කියලවත් නොදැන හිටපු මට සතුට හොයල දුන්නෙ ගෞරවයක් ගෙනැත් දුන්නෙ ආත්මාභිමානය ඇති කරේ විහාර....මාව අලුතෙන් ඉපැද්දුවෙ විහාර....

කැෆේ එකක රස්සාවක් මට හොයල දීලා නම්බුකාර විදිහට ජීවත් වෙන්න මට පාරක් පාදල දුන්නෙ විහාර....

පලවෙනි පාරට දැනුන ආරක්ෂිත හැඟීමක් එක්ක....ආදරණීය වචන එක්ක මං ඒ හිතට බැඳුනා....හරි වැරැද්දක් නොබලාම ලිංගයක් නොබලාම මම බැඳුනා....

ඒ හිතට අයිතිකාරියක් ඉන්න බව දැනගන්නකොට මට දැනුන වේදනාව....මට දැනුන හැඟීම....ඒක ඊරිසියාවක්ද ලෝභ කමක්ද මගේ ගැනම දැනුන අනුකම්පාවක්ද මම තාමත් හිතනවා....එක අතකට මම මෝඩයි....අනාත නිවාසයක් ඇතුලෙ හැදෙන්නන් වාලෙ හැදුන මට මොන සමාජ දැනුමක්ද....මට හිතන්න තිබ්බා ඒ වෙද්දිත් තිස් ගනන්වල අග හිටපු එයා කීයටවත් තනිකඩ වෙන්න බෑ කියන එක....

ඒත් හිතට දැනුන ආදරයක් මරන්න පුලුවන්ද...ඒක කරන්න බෑ තවමත් අදටත් මම ඒ හිතට ආදරෙයි....ඔව් ඒකපාර්ශ්විකයි....ලැබීමක් නෑ....හැබැයි හැබැයි මම ආදරෙයි.....ඒක තමයි මගෙ ආදරේ....

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්...
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්...
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්...
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං...






𝓣𝓸 𝓫𝓮  𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭

නොහිමි Where stories live. Discover now