Author POV ,ඉතින් කාලය ගත වීගෙන ගියේ ගොඩක් අයගේ ජීවිතය එක එක දිශාවන්ට සතුටුදායක් ආරම්බයක් ලබා දෙමිනුයි . නමුත් හෝසෝක්ට නම් එය වෙනස් වූණා . ඒත් ඔහු තමන්ගේ පුතාව තනිවම හදාවඩා ගන්නට තීරණය කළේ තමන්ගේ පුතාට වෙන ගෑනියෙකුගෙන් තවත් අඩත්තේට්ටම් වෙනවට අකමැති නිසායි .
එහෙත් තව එක කරුණක් නිසා ඔහුගේ හදවතෙහි සියුම් වේදනාවක් ගොඩනැංවී තිබුණා . ඒ කලින් අවසන් වතාවට ජන්මිව මුණගැසුණු වෙලාවේ ඇය ඔහුට කිව්ව කරුණ නිසයි . නමුත් ඔහු තමන්ටම කියාගත්ත කරුණ " මං දැන් පරක්කු වැඩි . මං ඇයි මෙච්චර මෝඩ වුණේ " ඔහු එසේ සිතමින්ම එක රූපයක් දිහා ඈත ඉඳන් සමාව අයදිමින් බලා සිටියා .
.
.
" උව්ව් පැටියෝ ඔයාගේ ඊමෝලා ආවා ඔයාව බලන්න ... " සුන්මි එලෙස කියමින් පුංචි ජිමින්ව වඩාගෙන ඉබ්ගෙන ගියේ ජිමින් කවදාවත් නැතුව සුන්මිගේ අතට සතුටින් එද්දියි .
ඔව් හෝසෝක් දැන් දන්නවා සුන්මි වගේම ජෙනී වගේම මිසිස් කිම් කියන්නේ රියා නැත්නම් ජෙසීගේ පවුලේ අය කියලා.
.
.
ඒ වගේම තව ආදර කතා වල නව ඇරඹුමකුත් මේ කාලයේදීම සිද්ද වුණා . ඒ ජිමින් රෝස් ආදර කතාව . ඩබල ඒ දවස් වල ඉදන්ම දෙන්නට දෙන්නා පැණි වක්කර වක්කර ඉදියට love එක ගැන කියාගන්න විදිහක් නැතුවලුනේ ඉදියේ අන්තිමට love වලට උපාධි පිට උපාධි දාපු සුන්මි ඒ දෙන්නවා සෙට් කලා . හහ් ඒ ආදර කතාවත් එහෙම වෙද්දි තවත් ජෝඩුවක් සෙට් වෙලා. ඒ වෙනකවුරුවත් නෙවේ සුන්මියි ටේයි .
උපාධි පිට උපාධි දැම්මට මොකෝ සුන්මිට තමන්ගේ හිතේ කැමැත්තෙන් ඉදපු ටේට ඒක කියාගන්න බැරුවයි ඉදියේ , ඒත් ටේම සුන්මිගෙන් අහද්දී සුන්මි උඩ ගියේ නැති එක විතරයි . සුන්මි එදා දවසම ජෙනීට තමන්ගේ මේ සිද්දිය ගැන රස කර කර කිව්වා . ඒත් ජෙනී හිත ඇතුලින් ටිකක් අවුලින් ඉදියේ ඒත් ඇය සාර්ථක විදිහට ඒ හැඟීම හැංගුවා .
ජෙනීට ජන්ගුක් ගැන දුක හිතුණා . සුන්මි ටේට කැමති එකට ජන්ගුක් කොහොම react කරයිද කියලයි ජෙනීට ඒ වෙලාවේ මතක් වුණේ .
YOU ARE READING
𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔
Fanfictionආදරේ කියන දේ හරි පුදුමයි ... සමහරු එකතු වෙද්දි ... සමහරු වෙන් වෙනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා ... ඉතින් මේ හිත් වල තියෙන රිද්මය මොනවගේ ගැහේවිද ඔවුන්ගේ හදවත් තුළ ? 🌹🌹🌹 ( Coverd by Armygir...