-03-

182 36 19
                                    

සතියක් ගෙවී ගිය අතර මේ සතියෙහි ධීර හට යම් යම් අවස්ථා වල මෙනුශිත්‍යාගේ දෑස්,ඒ බැල්ම සහ ඈ ලගින් දැනෙනා සංවේදන ස්නායු වලට හුරුපුරුදු සුවද මතක් වූ අතර මේ නිසා නොරිස්සුම් මුහුණෙන් යුක්තව සතියම ගත කිරීමට ධීරට සිදුවිය.
මෙනුශිත්‍යා නම් පෙර පරිදිම ඇගේ අධ්‍යාපන කටයුතු වල නිරත වූ අතර  ඇයට කිසිදු බාධකයක් නොපැමිණුනි.ශේසන්‍යා සමග PIZZA HUT ගියපු දින අත් වැරදීමෙන් මෙන් ඔවුන් දෙදෙනාට වේල්ස් පාක් හිදී ධීරව මුණගැසුනි.
අදත් නැවතත් සිංහල පන්ති තිබෙනා දිනයක් වූ නිසා උදෑසන සිටම දෙවියන්වහන්සේව සිහිකරමින් සිංහල පන්තියට දොස් නගමින් ධීර නිවසින් පිටත් විය.

මේ ගෙවී ගිය සතියේද වැව රවුමේදි සහ තවත් බොහෝ ස්ථාන වල ධීර හට මෙනුශිත්‍යා ව මුණගැසුනි.

එහෙත් වාසනාව ද අවාසනාව ද නම් වූ යම් දෙයක් ධීර සමගම නිවසින් පිටතට පැමිණ තිබුනි.එය ඔහුගේ වාසනාව යැයි ඔහු පිළිගන්නට අකමැති විය.

" ආශ්වී මන් යන යන තැන ඉන්නවද? නැත්තන් මන් ආශ්වී යන යන තැන ඉන්නවද..එක්කෝ ජීසස් ආතල් එකට වගේ අපි දෙන්නව මුණගස්සනවද...මට නෙමෙයි අප්පා විනූශටනේ මුණගස්සන්න ඕන... "

එසේ සිතා ධීර බසයෙහිදි මුණගැසුනු මෙනුශිත්‍යා දෙස එක්වරක් පමණක් බලා ජනේලයෙන් පිටත බලාගත්තාය.ධීරගේ සුදුමැලි මුහුණෙ ඇති හිස් බැල්ම මෙනුශිත්‍යාගේ සිත සැඩ සුළගකට හසු කිරීමට සමත් විය.මේ මාස කිහිපයේම විටින් විට මොවුන් දෙදෙනා අතර අර්ථයක් නොමැති බැල්මවල් පාවුනු බව ඔවුන් දෙදෙනාට පමණක් රහසක් විය.

සිංහල පන්තියේ විවේක කාලයෙදි අඹ ගස යට විනූශ,ධීර ඇතුලු ඔවුන්ගේ තවත් සගයන් හතර දෙනෙකු පමණ හිද සිටියේ ඈතින් පැමිණෙන ශේසන්‍යා සහ මෙනුශිත්‍යා දෙස බලාගෙනය.ධීර මෙනුශිත්‍යා ව දක්නා විට පහළ වන අමුතු තාලයේ හැගීමෙන් ඉවත් වීමට අවශ්‍ය නිසා වෙනතක් බලාසිටි අතර විනූශද වැටී ඇති අඹ කොළ දෙස බලා සිටීයෝය.

" ආ විනූශ මල්ලි...මොකෝ අද නොකා නොබී අඹ කොළ ගනින්නේ.. "

" එහෙම නෑ බන්..නිකන් හිටියේ... "

" සිංහල පාඩම ලොකුවටම ඔලුවට බැහැලා සංසාරේම කලකිරුනද.. "

" එහෙම එකක් නෑ බන්...මේ ට්‍රිප් එකක් යනවා..එනවද?.. "

-වීදුරු මල්- |GxBWhere stories live. Discover now