-04-

159 34 14
                                    

චාරිකාව යන පිරිස සිටියද යන්නට තැනක් තවමත් කිසිම කෙනෙක් සිතා නැත.මේ සදහා මෙය කතා කරගැනීමේ අරමුණින් සියලු දෙනාම කුරුළු උයනට රැස් වූ අතර දුලාන් මෙනුශිත්‍යා සහ ශේසන්‍යා එනවා දැක ඔවුන් වෙත දිව ගියේ කුමක් හෝ වැදගත් පණිවිඩයක් කියන්නට තිබේ යැයි මුහුණෙන් පෙන්වාගෙන.

" නුශී මේ අර හැතිරි ඉන්නවා.. "

" ඔහොම කියන්න එපා දුලාන්..ඉන්නවකෝ සද්ද නැතුව.. "

දුලාන් ගේ උරහිසට තට්ටුවක් දමා මෙනුශිත්‍යා කියූ විට මෙය දුටු ධීරගේ මුහුණේ ඉබේම රැවිල්ලක සේයා පෙන්නන්නට විය.මේ බව විනූශට හොදින් පෙනුනු නිසා ධීර පිළිබදව මද සැකයක් ඔහුට මතුවිය.

" ආ මේ මෙනුශිත්‍යාලනේ..හරි හරි එහෙනම්.ශේසන්‍යාටවත් යන්න තැනක අයිඩියා එකක් තියේද?.. "

" මන් විනූශට ලෝකේශන්ස් ටිකක් දැම්මා..ධීර ඒ ටික බැලුවද?.. "

" හ්ම්ම්.."

ශේසන්‍යා ධීර අසලින් හිදගනිමින් එසේ කියු අතර දුලාන් මෙනුශිත්‍යා සමග එක බංකුවේ හිදගත්තෝය.

" මුලින්ම කපාහරින්න ඕන තැන් ටිකක් තියේ.පොළොන්නරු,සිගීරි යන්න මේක ඉතිහාස පන්තියක් නෙමෙයි හශේන්..අනුරාධපුරේ හැමදාම යනවනේ මගුල් කියවන්න එපා ඒ හින්දා.වන්දනා ගමනක්ද ඕයි යන්නේ? "

හශේන් ගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන එසෙ කියූ ධීර හශේන්ට ටොක්කක් ඇන්නේ දුලාන් අත්දෙකෙන්ම ඔලුව අල්ලාගන්නා අතරතුරේදීය.

" ශේසන්‍යා දාපු ලෝකේශන් ටිකේ අප්සට් එකක් නැහැ..මොනා උනත් කෙල්ලොන්ට යන්න පුලුවන් තැනක් වෙන්න ඕන..කදු ගානේ යන්න බෑ උබලා එකෙක් නගින්නේ නෑනේ... "

ධීර එතන සිටි ගැහැණු ළමුන් හය දෙනාම දෙස බලා කී අතර හත් වෙනි ගැහැණු ළමයා වූ මෙනුශිත්‍යා දෙස නොබලා සිටීමට වෑයම් කළේය.

" නුවර යන් ගාන්න එපා අවුරුදු ගාණක් තිස්සේ උබලා අපි ගියේ නුවරමයි..මටත් හැමදාම ගිහින් එපාවෙනවා.මන් එකග වෙන්නෑ නුවර යන්න නම් "

" උබ නුවර ඉපදුනා කියලා අපි පළි නෑ පගෝ.. "

හශේන් ධීරටද ටොක්කක් ඇන්න අතර මේ දෙස බලා මෙනුශිත්‍යා මද සිනහවක් පෑවාය.

-වීදුරු මල්- |GxBWhere stories live. Discover now