-06-

171 19 6
                                    

"වීනූශ රට යන එකෙන් නම් සමහර දේවල් වෙනස් වෙයි.."

"අවුල් වගේ නේද?..ඌ යනවා කියද්දි..."

"කී වතාවක් ගිහින් ආවද..ආපහු එවී..."

"ඒ නම් ආවේ නුශීව බලන්නමනේ ...අනේ මන්දා බන්.මන් මේ ඌව සුද්ධ කරනවා එහෙම නෙමෙයි..ඒත් ඌ පව් බන්.විනූශ එකීට සිරාම ලව් වගේ. "

"හ්ම්ම් එකේ බොරුවක් නැහැ.මටත් තේරුනා.දේශානුත් මට කිව්වනෙ.."

දුලාන් සහ ශේසන්‍යා නැවත මෙන්ටො සෙන්ටර් හි මුණගැසුනු අතර ඔවුන් දෙදෙනා අන් අය එනතුරු කතාවක් පටන්ගත්තෝය.වෙනදා ඇදී නොඑන මාතෘකාවක් වූ විනූශ යන මාතෘකාව ඇදී ආවේ එදිනය.විනූශගේ පවුලේ අය එංගලන්තයේ ජීවත් වූ හෙයින් විනූශ කුඩා කාලයේ සිටම නිවාඩු කාලවලට හෝ විටින් විට එංගලන්තයට ගොස් සිට නැවත පැමිණ ඇත.විනූශ මෙනුශිත්‍යා හට කැමති වන්නේ ඔවුන් නවය වසරේදි සිටියදීය.ඒ කාලයේදීද විනූශ හට එංගලන්තයට යා ඒමට සිදුවුනි.එයට ඔහු දැක්වූයේ එතරම් කැමැත්තක් නොවේ.මෙවර ගමනෙන් පසු ඔහු නැවත ළගකදී ලංකාවට පැමිණේදැයි සැකයක් මතුවී තිබුනි.උසස් පෙළ විභාගයටද ඔහු නොපැමිණීමට ඉඩ වැඩි බව දුලාන් සහ ශේසන්‍යා විනූශගේ ළගම යාලුවන් බැවින් හොදින්ම දන්නෝය.

"ශේසා..මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා...ධීරගේ වෙනසක් පේනවද? කේලම් කියනවා නෙමෙයි..ධීර අපිව මගාරිනවා.."

"මටත් මීටර්.මොකක්ද දන්නෑ සීන් එක."

"විනූශ මට කිව්වේ...දැන් ධීර වැඩිය කතාබහ කරන්නෙත් නැහැයිලු.."

"හ්ම්ම්..ඌට ගරායකා ගහලද කොහෙද? නුවර එහෙම ස්පෙශල් යක්කු ඉන්නවද?.."

"දන්නෑ බන්.යකෙක් කෙසෙවෙතත් යක්සනියක් වෙන්නත් පුලුවන්.."

දුලාන් සපත්තුවෙන් පොළව හාරන්නට විය.ඈතින් විනූශ සහ මෙනුශිත්‍යා පැමිණෙනවා දුටු දුලාන්ගේ වැලමිටට ශේසන්‍යා විසින් අනර්ඝ පහරක් එල්ල කිරීම හේතුවෙන් දුලාන් වැළමිටද අල්වාගෙන බිමට නැමුනි.

"අත ගැලවුනා වගේ!! උබ තයිකොන්ඩො කරා කියලා ස්ක්‍රැබ්ල් කරපු මන් පළි නෑ යකෝ.."

සාමාන්‍ය පෙළ කාලයේ ඔවුන් කරන ලද ක්‍රීඩා මතක් කරමින් දුලාන් මුහුණ අවුල් කරගත්තේය.

-වීදුරු මල්- |GxBWhere stories live. Discover now