"ධීර....ටිකක් කතා කරමුද?...උබට වදයක් නැත්තන්..."
"මොකද්ද කියන්නේ?..මට කවදත් උබ කතා කරන එක වදයක් උනේ නැහැ..."
"එහෙනම් ඇයි සමහර වේලාවට මගහරින්නේ...කෙල්ලෙක් නිසා යාලුවෝ තරහා කරගන්න බෑ මට.."
"කෙලින් කියපන්.."
"ස්ට්රේට් තමා..! නැත්තන් කොල්ලෙක්ට කැමති වෙනවනෙ මම.."
"විනූශ!!.."
"හරි හරි..කේන්ති ගන්න එපා උබ.මන් මේ ආවේ උබත් එක්ක අන්තිම වතාවට මෙනුශිත්යා ගැන කතා කරන්න.."
නගරයේ පොදු පුස්තකාලයේ එහා කොණක හිදසිටි ධීර හට පුස්තකාලයේ කෙදිනකවත් මුණ නොගැහෙන විනූශව හමුවුනි.මෙවැනි ස්ථානයක විනූශ වැනි පුද්ගලයෙක් හමුවීම පිළිබදව ධීර කිසිදා අනුමානවත් කර සිටින්නට නොමැත.විනූශ වූ කළ ඔහුටම ගැළපෙන යහලුවන් සමග නගරයේ ප්රසිද්ධ ස්ථාන වල කරක් ගසන,සල්ලිකාර,නම්බර් වන් රස්තියාදුකාරයෙක් ලෙස නම් කළ හැකි ඝනයේ කොල්ලෙකි.එබදු පුද්ගලයෙක් පුස්තකාලයක කරන්නේ මන්ද? එය ප්රශ්නාර්ථයකි.
"අනික මේ උබ දන්නවනේ මට මේ පොත් කබඩ් ගානේ රිංගන්න වේලාවක් නැහැ..උබෙයි මගෙයි ඇවිලෙන්න යන කෝන්තරේ මෙතනින් නිමා කරගමු..."
"ඒ උනාට උබ නුශී නිසා නම් පොත් කබඩ් ගානේ ඕන තරම් රස්තියාදු වෙන්න ඇති.."
"ඔෆ් කෝස්! ලයිබ්රිය තියෙන තැන දන්නෙත් එයාට පින් සිද්ද වෙන්න..උබත් ඉතින් මෙතෙන්ට අරක් ගත් භූතයා වගෙනේ...ග්රන්ථ දේවතාවා සහ දේවතාවී...කොහොමත් එයාගේ බර්ත්ඩේ එකටත් පොත් සෙට් එකක් තමා දෙන්න වෙන්නේ.."
"නුශී බරපතලව හිතන්නේ නැහැ..එයාට උබව ගැලපෙනවා..ඒ උනාට ඒ හිත හරි මුරණ්ඩුයි.."
"ඒ මුරණ්ඩු හිතටම තමා මට නම් හිත ගියේ...මොකද උබට තාම හිත ගිහින් නැද්ද?.."
"නැත්තේ නැහැ..මගේ හිතේ කොනක එයා ඉන්නවා...උබේ හිත ආක්රමණය කරලානේ.."
"නැතුව යකෝ! වසර පහක ආක්රමණයක්..."
"ඒ කාලේ ඉදන්ම නේද?..මට මෙනුශිත්යා ගැන කියන්න දෙයක් නෑ...උබට තියෙනවා නම් කියලා යන්න පුලුවන්.."
"එයාව උබටයි මටයි දෙන්නටම නොලැබි ඉන්නවා නම් මන් සතුටු වෙනවා..."
"ඕනම කතාවක් තීරණය වෙන්නේ කර්තෘට අනුව..මේක මෙනුශිත්යාගේ කතාව..ඉතින් පාට්නර් එයා තීරණය කරාවී.."
"එතකන් අපි දෙන්නටම ඉන්න වෙනවා එහෙමද?.."
"ඔව්..."
"උබට නිදහසෙ ඉන්න දීලා මන් යන්න හැදුවේ..! නෑ එච්චර ලේසි අවසානයක් මොකටද නේද? එහෙනම් මමත් ඉන්නම්කෝ..."
"උබේ කැමැත්තක්..."
සෙල්ලක්කාර සිනහවක් පා විනූශද අසල පුටුවකින් හිද ධීරගේ පොතකට හිස ඔබාගෙන සිටින්නට විය.ධීරගේ මුහුණේද සිනහවක් රැදි තිබුනු අතර 'ආදරය පරිත්යාගයක්' කියා ලියා තිබුනු සුදු කඩදාසියක් වෙත ඔහුගේ ඇස් යොමුවී තිබුනි.
"ට්රෑන්ගල් එකක් නේද?.."
"ඔව් එහෙමයි.."
"එයා අපි දෙන්නටම නැති උනොත් මොකද කරන්නේ?.."
"මම නුවරට වෙලාම ඉන්නවා..උබ?.."
"මම ලන්ඩන් යනවා! ඒත් යන්න කලින් එයා යාලුවෙන එකාගෙන් ගේම ඉල්ලලා යන්නේ මම.."
"හොදා..උබ කැමති දෙයක් කරපන් ඒනම්.මං දැන් යනවා අප්පච්චි එනවලු අද.."
"ආ ඒ කියන්නෙ තව දවස් ගානකට උබ එලියෙ නෑනේ? .."
"නැතිවෙයි..දන්නවනේ එයා ආවම..මං එදා නුශී එක්ක කොළඹ ගියපු එක අප්පච්චි දැනගෙන.මට ටිකක් විතර කෑගැහුවා."
"උබ මොකා? කවද්ද ඒ ?.."
"දැන් ටික දවසකට කලින්.."
"උබ යකෝ මාර එකෙක්නේ.."
"එහෙම තමා...මේ සෙල්ලමේ මං ඉන්නේ උබට වඩා ටිකක් ඉස්සරහින් බොසා...ඔය සෙල්ලක්කාරම නවත්තලා ටිකක් වැඩිපුර ට්රයි කරොත් සමහරවිට උබට මාව පරද්දන්න බැරි වෙන එකක් නැහැ..."
"මෙච්චර කාලෙකට මං උබත් එක්ක කම්පීට් කරලා නැහැ.නවයේ මුලදිම නුශීට කැමති වුනු කාලේ සිංහල පේපරේට උබට වැඩිය ලකුණු දහයක් ගත්තට එදයින් පස්සේ උබ හැමදාම අනූ ගනන්ම ගත්තා....ඒත් ඉතින් එදා මං අසු නවයක් ගන්න හේතු වුනු කෙල්ල වෙනුවෙන් අද උබත් එක්ක තරග කරන්න වෙලා මට..ඒ හිත උබට නම් මගෙන් ගුටි කන්න ලෑස්ති වෙයන්..ඒ කවුරු උනත් මං යන්න කලින් එයාගේ එක්කෙනාට නෙලලා මිසක් යන්නෑ කියලා හිතාගෙන ඉන්නේ ධීර..ඒක ඔලුවට ගනින්..."
අසල තිබු පොතක් කරකවා මේසය මතට වට්ටවා තම ජැකැට්ටුව තුළට අත් දෙක දමාගෙන වීනූශ පුස්තකාලයේ පිටත්වෙන දොර අසලට යාමට විය.
----
Wait for the හැරවුම් ලක්ෂය!.
Good bye!.
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13