"ෆක්..."
ජන්කුක් තමන්ගෙ අතේ තිබුණ වතුර බෝතලේ විසි කරලා එක අතකින් තමන් මෙච්චර වෙලා කියවපු පුංචි කොල කෑල්ල ගුළි කරගෙන අනිත් අතින් කොණ්ඩෙ ඇද ගන්න ගමන් කෑ ගහලා කේන්තියට ම ඇඳටත් පයින් ගැහුවා..."මම තමුසෙව අතාරින්න නෙවෙයි අල්ලගත්තෙ ටේහ්යුන්!"
ජන්කුක් තමන්ගෙ කබායත් ඇදගෙන දොර ඇරලා දාල ම එළියට යද්දි වේගෙන් පඩිපෙළ බැහැගෙන එන ජන්කුක් ව දැකලා යුංගිටයි හෙසෝක්ටයි කෝපි දෙකක් අරගෙන කාමරේ පැත්තට ආව ජිමින් මග නතර වුණා..."ටේහ්යුන්ව දැක්ක ද ජිමින්?"
"එයා උඩ රූම් එකේ නෙවෙයි ද? නිදි නැද්ද හ්යුන්..."
"හ්ම්...මම එළියට යනවා ජිමින් යුංගිට කියන්න රෑ වුණොත් ටිකක් බලන්න කියලා..."
ජන්කුක් එහෙම කියාගෙන එළියට යද්දි ජිමින් ඇස් දෙක ලොකු කරගෙන ජන්කුක් යන දිහා බලාගෙන හිටියා...
.
.
.
"ආශ්...මොන ලෝකෙද තමුන් ගියේ ටේහ්යුන්!"
ජන්කුක් පාරෙ ගල් කැටේකට පයින් ගහලා කේන්තියෙන් හුස්මක් පාත දාලා වටපිට බැලුවා...රෑ වෙන්න ළඟයි...එයා ආයෙත් යන්න ඕන...හෙට නිදහස් සැමරුමට දවසම හිරවෙලා... අනිද්දත් උත්සවෙන් පස්සෙ තියෙන වැඩ නිසා ජන්කුක්ට ටේහ්යුන්ව හොයන්න වෙලාවක් නැහැ...ටේහ්යුන් හරියට ම හොයලා තමන්ට වෙලාවක් නැති වෙනකල් ඉඳලා තමන්ව අතහැරලා දාලා ගියා කියලා හිතෙද්දි ජන්කුක්ට තවත් කේන්ති ගියා..."තමුසෙට මගෙන් පැනලා යන්න බැහැ ටේහ්යුන්...මම ආදරේ කරන තැනට ඇදලා දාලා තමුන්ට පැනලා යන්න බැහැ!!"
ජන්කුක් ළඟ තිබුණ බිත්තියට අත මිටි කරලා එකක් ගහලා ආයෙත් කෑම්ප් එකට ගියා..."මොකද වුණේ ජන්කුකා...ටේහ්යුන්ව හම්බවුණා ද?"
හෙසෝක් තමන්ගෙ උකුළෙ ඉන්න ජිමින්ට කෑම එක කවන ගමන් අහද්දි ජන්කුක් නෑ කියලා කියන්න ඔලුව වනාගෙන පඩිපෙළ නැඟලා උඩට ගියා...දොර වැහුණ පමාවට ජන්කුක් කාමරේ අතට අහුවෙන හැමදේම පොළවෙ ගහන්න පටන් ගත්තා..."ෆක්...තමුසෙව මගෙ අතට අහුවුණ දවසට මම තමුසෙට සතියක් ඇඳේ ඉන්න වැඩ කරනවා ජියෝන් #කින් ටේහ්යුන්..."
ජන්කුක් අල්මාරියට පයින් ගහපු පාරට අල්මරියෙ දොර ඇරිලා රෙදි කීපයක් එක්ක හතරට නවපු කඩදාසි කොළයක් බිමට වැටෙද්දි ජන්කුක් අතින් කොණ්ඩෙ ඇදගෙන කොළේ අතට අරගෙන දිගෑරලා බැලුවා...
![](https://img.wattpad.com/cover/359516317-288-k716401.jpg)