අවසන් දිගහැරුම

442 58 66
                                    

"ම්හ්...හ්හ්..."
අමාරුවෙන් ඇස් ඇර ගත්ත ජන්කුක් තමන්ව හිර වෙලා වගේ දැනුණ නිසා එහෙ මෙහෙ ඇඹරුණත් ජන්කුක්ට අතපය හොලවගන්න බැරි වෙද්දි ජන්කුක් ඇස් ඇරලා වටපිට බැලුවා...

"ක්-කවුද?"
ජන්කුක්ට අන්තිමට මතක තිබුණෙ තමන් ටේහ්‍යුන්ව කිස් කළා කියලා විතරයි... තමන් මෙතනට ආව විදිහවත් තමන් මෙතන කරන්නෙ මොකක්ද කියලාවත් අදහසක් නැති වුණත් ජන්කුක්ට හිතුණා තමන් ඉන්නෙ ටේහ්‍යුන්ගෙ සංවිධානයට අයිති තැනක කියලා...

වටපිටාවෙ කිසිම සද්දයක් නැතිවෙද්දි ජන්කුක්ට හිතුණා දැන් රෑ වෙලා ඇති කියලා... ජන්කුක්ගෙ ඔලුව පුපුරන්න තරමට රිදුණා වගේ ම දැන් බෙල්ලට වැටිලා තියෙන කට බැඳලා තිබුණ ලේන්සුවෙන් එන සැර ගඳ තමන්ව මත්  බවත් ජන්කුක්ට තේරුම් ගියා...අතපය හොලවලා බැලුවත් ගලවගන්න බැරි වෙද්දි ජන්කුක්ට හීනෙන් වගේ ඇහුණ ටේහ්‍යුන් මිමිණුව වචන පෙළක් මතක් වෙද්දි ඔලුවෙ ඉදලා හිරි වැටිලා යනවා වගේ දැනුණා...

සමාවෙන්න ජන්කුක්...මට ඔයා එක්ක යන්න එන්න වෙන්නෙ නැහැ...මොකද මම තව ගොඩක් වෙලා ජීවත් වෙන්නෙ නැහැ...

ටේහ්‍යුන්ගෙ වචන ඔලුව ඇතුළෙ දෝංකාර දෙද්දි ජන්කුක් පුළුවන් හැම විදියටම තමන්ගෙ බැමි බුරුල් කර ගන්න උත්සාහ කළා...

.

.

.

.

.

.

"හැමදේම හරි නේද හෙසෝක්? වූබින්? හ්‍යුන්ශින්?"
යුංගි අහද්දි කැප්ටන්ලා තුන්දෙනා ම ඔව් කියන්න ඔලුව වැනුවා ම යුංගිගෙ මූණෙ සෑහීමකට පත් වුණ හිනාවක් ඇඳුණා...

උදේ නිදහස් පෙළපාලිය අතරතුර හෝටල් සංකීර්ණයක රටේ ජනාධිපති අගමැති හමුදාපතිවරු ඇතුළු නායකයින් එක්ක තවත් හමුදා නිලධාරීන් දෙසීයක් පමණ සහභාගී වන රැස්වීමක් පවත්වන්න නියමිතව තිබුණා... ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් පෙළපාලිය පිටත් වුණාට පස්සේ තමයි රැස්වීම සංවිධානය කරලා තිබුණේ...

යුංගි තමන්ගෙන් වෙන්න තිබුණ වැඩ ටික සම්පූර්ණ කරලා ජන්කුක් වෙනුවෙනුත් අඩුව පුරවලා ටිකකට මූණ සෝදගෙන එන්න කියලා ගියේ ජිමින් එයාලා ඉන්න හොටෙල් එකේම වුණත් පහළ තට්ටුවෙ තනියම කාමරේක දාලා ආව එක හිතට හරි මදි නිසා හෙසෝක් ජිමින්ව ටිකක් බලලා එන්න පහළට යද්දි...

නොහිමි...Where stories live. Discover now