"Have a Nice Day Mrs.Perera"
"ඔයාටත් එසේම වේවා මිස්ටර් සදෙව්.... "
අව්‍යාජ හිනාවක් දීලා ඒ මනුස්සයා යද්දි මං බැලුවේ වෙලාව කීයද කියලා....අප්පටසිරි හවස 6ත් වෙලා .... වෙලාව යනවා දැනුනේ නෑ.....
අකලංකගේ වැඩේ මං භාර ගනිද්දි මියුසික් වැඩ ටික කෝසල අයියට භාරදුන්නා...ශීබා එයා මං සිංදු කියන තැනට වෙලා පොඩි නැප් එකක් දානවා...
"...ශීබා..."
ඒ නම මට මේකව දකිද්දිම ආපු නමක්... අපේ කැෆේ එක චුට්ටක් හරි ෆේමස් වෙන්න එක හේතුවක් තමා ශීබා...කැෆේ එකට එන හැම කෙනා ළගටම ගිහින් පොඩි ග්රීටින්ග් එකක් දෙනවා...ගොඩාක් වෙලාවට එයාට හිතට ඇල්ලුවොත් එතනින් යන්නේ ආපු අය ගියම විතරයි....ඒ නිසා මගේ ශීබා ගොඩාක් අයට ආදරණීය හුරතලෙක් උනා....❤️
"Cafe with Sheeba"
ඒ නම මාරම විදිහටම ගැලපුනා....සමහර අය එන්නේ ශීබව බලන්නම තමා....මගේ ස්ටාෆ් එකේ ඉන්නේ 3දෙනායි අකලංක, සිගිතියි ,අපේ අලුත් කෙල්ල නටාෂයි.... කෙල්ලත් මාර ඉක්මනට වැඩ අල්ලගන්නවා... අනික මගේ කෲ එක....ඒ හැමකෙනාම නිසා තමා මේ මාස ගානට මෙච්චර දුරට දියුනු වෙන්න පුලුවන් උනේ...ගාලුපුරවරයේ තිබුනු Sadew With Coffe shop එක කොලොම්පුරයේදී Cafe with Sheeba උනා....
ට්ලිං...... 🔔........ට්ලිං......🔔.........
අදත් ඒ මූණම කැෆේ එක ඇතුළට එනවා මං දැක්කා උනත් ඒ ඇස් තිබ්බේ මියුසික් කෲ එක පැත්තට....එත් ඒවා එකපාරටම මලානික වෙලා ගියා....ඒත් ඒ ඇස් ආයේ කැෂියර් එක දිහාවට එද්දි මැලවිලා තිබුනු ඒ මූන ඒ හිනාවෙන් පිරිලා යද්දි මගේ හිත මාර විදිහට ගැස්සුනා...මං ශීබා දිහා බලද්දි ඌ එයා ළගට ගිහින් වෙනදා වගේම ඒ මූන ඉබලා ලෙවකන්න පටන් ගත්තා....
අද එයාගේ ලුක් එක මාරම හැන්ඩ්සම්... වෙනදට ඔෆිස් කිට් එන එයා අද කැෂුවල්... දම් පාට ටීෂර්ට් එකට බ්‍රවුන් කලර් ට්රවුශර් එකක්...හරිම සිම්පල් විදිහට කලු බාටා දෙකක්.....
YOU ARE READING
|| 𝒮𝒽ℯℯ𝒷𝒶 || ❦ශීබා❦
Romansaආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නොසිතු අවසානයක්......... හැගීම් ගොන්නක හිර වුනු තරුන කොලු ගැටයින් දෙදනෙකුගේ සුසංයාමයක ඇරඹුම........ ...