Golden Author lazy-kitty
01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මම ආවේ 2021 ජනවාරි වල. දවස මතක නෑ මට.02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
2021 මාර්තු වල.03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මම මුලින්ම කරේ කියවන එක. ඊළඟට හිතුනා ලියන්න. ඒ කාලේ කතාවක් තිබුනා talking eyes කියලා Taekook එකක්. Crazy bunny අක්කා තමයි ඕතර්. ඊළඟට එයා Innocent Flower කියලා නම වෙනස් කරාද කොහෙද. දැන්නම් ඒ අක්කා මේකේ ඉන්නවද නැද්ද කියලා දන්නෙත් නෑ මම. එයාට පොතක් ලියන්න ආසයි ගගා ඉද්දි ඒ අක්ක තමයි කවර් එකත් හදලා ඒකට description එකකුත් හදලා දුන්නෙ මට. එතකොට පොඩි එකානේ මම. එහෙම පටන් ගත්ත පලවෙනි කතාව තමයි love through the space කියන එක.04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව්.05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
ඒක තෝරගත්තේ හ්ම්.. ඇත්තටම මම ARMY වෙන්න කලින් ටේකුකර් කෙනෙක්. Bl පිස්සුව තදටම ගහලා තිබුනු කාලේ BTS ලව දැක්කා. ඊළඟට කට්ටියගේ නම් දැනගන්නත් කලින් ටේකුක් ජෝඩුව දැක්කම හිතුනා අනේ දෙන්නා සෙට් නම් කියලා. ඊළඟට දිගටම ටේකුක්. හේතුවක් අනේ මන්දා. ඒ තරම් ෆීල් වුනු ශිප් එකක් ආදරයක් තාම දැකලා නෑ මම. ඒක වෙන්න ඕන.. ඒ දෙන්නට පට්ට ආදරෙයි මම.06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
ඔව් .. අනිවාර්යයෙන්ම ඔව්. කොතන හරි ගිහින් ප්රාර්ථනා කරන්න ලැබුනත් මම මට වෙනුවෙන් ප්රාර්ථනා කරන්න කලින් එයාලා දෙන්නා වෙනුවෙන් ප්රාර්ථනා කරනවා. ඒ දෙන්නට ගොඩක් ප්රශ්න ආවා. ඒ වගේම ඉස්සරහටත් ඒවි. මොනවා වුනත් එයාලා එක්කම ඉන්නවා.
YOU ARE READING
ECLIPSE AWARDS - INTERVIEW [Closed]
Acak☀️Golden Chat with Silent Soldiers මෙමඟින් සිදු කරනුයේ අපගේ නිහඬ විරුවන් වූ කතෘ තුමියන්/තුමන්ලා ඇගයීමක් වශයෙන් අප කාර්ය මණ්ඩලය විසින් අසන ලද ප්රශ්න වලට ඔවුන් ලබා දුන් පිළිතුරු පෙන්වීමටය. සෑම පරිච්ඡේදයකම ඔවුන් අප වෙනුවෙන් ලබා දුන් ඔවුන්ගේ වටිනා කෙ...