Golden Author Guki_Tae_9795
01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මම වට්පෑඩ් එකට සම්බන්ධ වෙන්නෙ 2022 අවුරුද්දෙ පෙබරවාරි වල ඉදන්.02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
2022 අවුරුද්දෙ ජූලි මාසෙ ඉදන් තමයි මම පොත් ලියන්න ගත්තේ. නමුත් ටේකුක් ලියන්න ගත්තෙ පහුගිය අවුරුද්දෙ ඉදන්.03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මං පොතක් ලියන්න ගොඩක් ආසාවෙන් හිටියේ. වට්පෑඩ් ඒකට හොඳ මාර්ගයක් උනු නිසා මම පොත් ලියන්න පටන් ගත්තා. මගේ විනෝදාස්වාදය වගේම මගේ මනස නිදහස් කරගන්න තමයි මම පොත් ලියන්නෙ.04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව් මම BTS FAN කෙනෙක්.05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
මම මුලින්ම කියෙව්වෙත් ටේකුක් පොත් ලියන ඕතර් කෙනෙකුගේ පොතක්. ඇත්තටම මට ආස හිතුනා. ටේකුක් කියන්නෙ ඇත්තටම පොතක් ලියන්න ආස හිතෙන ශිප් එකක්. ඒ නිසා තමයි මම ටේකුක් ශිප් එක තෝරගන්නෙ.06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
අනිවාර්යයෙන්ම 100%ක් ඔව්.07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
මම ටොප් බොටම් බේද කරලා පොත් ලියන කෙනෙක් නෙමෙයි. 50%ක් ටොප් ටේ, 50%ක් ටොප් කුක්.i) Top Tae පොත් කීයක් තියෙනවද?
-03
ii) Top Kook පොත් කීයක් තියෙනවද?
-0308.ඔයා ඒ දෙන්නට support කරනවද?
අනිවාරෙන්ම ඔව්..09.ඔයා non fictional ලියනවද? ඒකට හේතුව කුමක්ද?
ඔව් මම ලියනවා. මම මුලින්ම ෆෑන්ෆික්ශන් තමයි ලිව්වෙ. නන්ෆික්ශන් ලියන එක මගේ කැමැත්ත සහ ඒක ගොඩක් ලේසි කියලා හිතෙනවා.10.වට්පැඩ් වල දැන් තියෙන තත්වය පිළිබඳව ඔබ සතුටුදායක ද?
ඇත්තම කිව්වොත් මට හිතාගන්න අමාරුයි.
සතුටුදායක සහ අසතුටුදායක අතර දෝලනය වෙනවා.11.ඔයා ඔයාගේ පාඨකයෝ සම්බන්ධයෙන් තෘප්තියක් ලැබුවද?
ඔව් මගේ පාඨකයො ගැන මම තෘප්තිමත්. ලොකු පාඨකයො ප්‍රමාණයක් නැති උනත් ඉන්න ප්‍රමාණය ගැන මම හුඟක් සතුටු වෙනවා.12.පාඨකයන් ඔයා බලාපොරොත්තු වෙන සහයෝගය ඔයාට ලැබෙනවද?
ඔව් ලැබෙනවා. පාඨකයන් සුලු පිරිසක් උනත් ඒ ඉන්න අයගෙන් මට සහයෝගය ලැබෙනවා.13.පාඨකයන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ සාමන්‍යයෙන් මොන වගේ දේවල්ද?
වැඩි දෙයක්නම් නැහැ. මගේ කාළය කැප කරලා මම ඔයාලට රසවත් දෙයක් දෙන්න උත්සහ කරනවා මගේ උපරිමෙන්ම. ඉතින් ඒකට ඔයාලගෙන් ඇගයීමක්(Comment,Vote) විතරයි මම බලාපොරොත්තු වෙන්නෙ.14.ඔයා ලියපු පොත/පොත් සම්බන්ධයෙන් ඔයා සතුටු වෙනවද?
ඔව් මම ගොඩක් සතුටු වෙනවා.15.අවසාන වශයෙන් වට්පෑඩ් භාවිතා කරන අයට කියන්න තියෙන්නෙ මොනාද?
අවසාන වශයෙන්, වට්පෑඩ් එක අවස්ථාවක් කරගන්න ඔයාලගේ දක්ශතාව තව කෙනෙකුට ඉදිරිපත් කරන්න. තව කෙනෙක්ගේ කතාවක් සම්බන්ධ කරලා තමන් ලියන කතාවට ඒ කතාවෙන් කොටස් ගන්න එපා. වට්පෑඩ් එකේ කතා ලියන හැම කතෘ කෙනෙකුටම එක සමානව සළකන්න සහ තමන්ගේ හැකියාවන් උපරිමෙන් යොදාගෙන රසවත් නිර්මාණයක අවසානය ලබාදෙන්න.ස්තූති ගරු කතෘ තුමියනි අප හට සහයෝගය ලබා දීම පිළිබඳව.
ස්තූති මාව මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තාට❤️.2023-2024
☽⛭.
YOU ARE READING
ECLIPSE AWARDS - INTERVIEW [Closed]
De Todo☀️Golden Chat with Silent Soldiers මෙමඟින් සිදු කරනුයේ අපගේ නිහඬ විරුවන් වූ කතෘ තුමියන්/තුමන්ලා ඇගයීමක් වශයෙන් අප කාර්ය මණ්ඩලය විසින් අසන ලද ප්රශ්න වලට ඔවුන් ලබා දුන් පිළිතුරු පෙන්වීමටය. සෑම පරිච්ඡේදයකම ඔවුන් අප වෙනුවෙන් ලබා දුන් ඔවුන්ගේ වටිනා කෙ...