Part 10

481 61 2
                                    


No one pov:

ටේහ්‍යුන් එක පාරටම කාමරෙන් මතු වෙනකොට කාමරේ හිටපු හැමෝම ගැස්සුනා. ඒත් ඇවිත් ඉන්නේ කවුද කියලා දැක්කාම එක්කෙනෙක් හැර අනිත් හැමෝම අංශක අනූවටම නැවෙන ගමන් ටේහ්‍යුන්ට ආචාර කලා.

" මොකද්ද මෙතන වෙන්නෙ??"

කලින් කලුවරේ ගිලිලා තිබ්බා උනත් දැන් ලයිට්ස් දාලා එලිය වෙලා තියෙන කාමරේ දිහා බැලුව ටේහ්‍යුන් කාමරේ පිරිලා හිටපු මේඩ්ස්ලාගෙන් එහෙම ඇහුවා.

මොකද ටේහ්‍යුන් මේඩ්ස්ලාට සුද්ද සිංහලින් කියලා තියෙනවා කතා කලේ නැත්තං කිසිම හේතුවකට එයාගෙ කාමරේට එන්න එපා කියලා. ඒත් දැං මේඩ්ස්ලා ගොඩක් කාමරේ පිරිලා.

ටේහ්‍යුන්ගේ කට හඩට ගැස්සුනු මේඩ්ස්ලා ටේහ්‍යුන්ට පිටිපස්සෙන් හිටපු කෙනෙක් දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන් පිටිපස්ස හැරුනේ මේඩ්ස්ලා කවුරු දිහාද මෙහෙම බලාගෙන ඉන්නේ කියලා දැනගන්න.

(ටේහ්‍යුන් මෙච්චර වෙලා හිටියේ කාමරේ දොර පැත්තට හැරිලා. එයා පිටිපස්ස හැරුනා කියන්නෙ දැන් ඉන්නෙ එයාගෙ ඇදට මුහුනලා)

ටේහ්‍යුන් පිටිපස්ස හැරිච්ච ගමන් දැක්කේ එයා දිහාම බලාගෙන ඉන්න නැම්ජූන්ව. නම්ජූන්ගේ පිටිපස්සෙන් ටිකක් එබිලා බැලුව ටේහ්‍යුන් දැක්කේ හොදටම බය වෙලා දිග හා කන් දෙකෙන් කදුලු ගලන ඇස් දෙක වහගෙන ඉන්න ජන්කුක්ව.

නැම්ජූන්ව නොසලකාහැරපු ටේහ්‍යුන් ඉක්මනටම හෙඩ්බෝඩ් එකට ගුලිවෙලා ඉන්න ජන්කුක් ලගට දුවලා ගියා.

" බේබි? ඒන්ජල්.. ඇයි මේ.. ඇයි කෑගැහුවේ ම්ම්..?"

ජන්කුක්ගේ ලගින්ම ඉදගත්තු ටේහ්‍යුන්ට දැකපු පමනින් කියන්න පුලුවන් උනා ජන්කුක්ට කිසිම කරදරයක් වෙලා නෑ කියලා.

ඒත් ටේහ්‍යුන් කතා කරපු ගමන් ඇස් ඇරපු ජන්කුක් එකපාරටම ටේහ්‍යුන් ලගින් ඈත් වෙලා ඇදේ වෙන පැත්තක ගුලි උනේ බයෙන් ගැහෙමින්.

" ඇයි බේබි මේ? මං ඔයාගෙ හියුන්ගි නේ.. "

ටේහ්‍යුන් එහෙම කිව්වේ ජන්කුක් දිහාවට අත දික් කරලා නලලත් රැලි කරගෙන.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now