" ගිහින් එයාව එක්කගෙන එන්න.. "
කටත් ඉරක් කරගෙන ජන්කුක් ගියපු දිහාව බලාගෙන මහලු කාන්තාව කිව්වාම ඇයට හිස නවපු තරුණ මේල් බෙටාලා දෙන්නෙක් ජන්කුක් දුවපු පැත්තට දුවගෙන ගියා.
ජන්කුක්ට ඕනෙ උනේ තමාගේ දරුවාව වගේම අර හයිබ්රීඩ්ලා හැමෝවම එයාගෙ පස්සෙන් එන කරදරෙන් බේරගන්නයි. ඒකට ජන්කුක් එයාගේ ජීවිතේ හරි වැය කරන්න ලෑස්ති වෙලයි හිටියේ.
හයිබ්‍රීඩ් ගම්මානයෙන් එද්දි රෙදි වැලක වනලා තිබ්බ පැනල් රෙද්දක් වගේ එකක් ඇදලා.අරගත්තු ජන්කුක් කැලේ හරහා දුවන ගමන් ඒක ගුලි කරලා එයා ඇදගෙන හිටිය කෝට් එකේ අස්සට එබුවේ තවමත් එයාගේ බඩ ලොකුවට තියෙනවා වගේ පෙන්නන්න.
මදකට නැවතුනු ජන්කුක් ඇස් දෙක පියාගෙන එයාගෙ පස්සෙන් එන කැරළිකාරයන්ගේ සුවදට ඉව අල්ලුවා.
ජන්කුක් ඉන්න තැනට බටහිරින් ඒ ඉවවල් දැනුනු තැන ජන්කුක් ඒ පැත්තට දුවන්න ගත්තා.
ලොකු දුරක් ඒ විදිහට දිව්වෙ නැති ජන්කුක් දැක්කා කැලෑව පීර පීර එයාව හොයන කැරළිකරුවන් ව. ලොකු ගහකට මුවාවෙලා හිටිය ජන්කුක් ලොකු හුස්මක් අරගෙන එයා හැංගිලා ඉන්න ගහෙන් එලියට අඩියක් තිබ්බා.
ඒත් එයාව කැරළිකරුවන් දකින්න කලින් එයාගෙ පස්සෙන් ආව බෙටාලා දෙන්නා ආපහු ඇදලා ගහට හේත්තු කරගත්තා.
ජන්කුක් ඒ බෙටා කව්ද කියලා මුලින්ම ඇදුරුවේ නැති නිසා එයාගෙන් බේරෙන්න දැගලුවත් ඒකෙන් උනේ ගහ මුල වැටිලා තිබ්බ වේලිච්ච කොල එයාලාට පෑගිලා සර සර ගාලා සද්දයක් ආව එක විතරයි.
ඒකෙන් කැරලිකරුවන්ගේ අවධානය ඒ ගහ පැත්තට ආවා.
" ගිහින් බලපන් මොකෙද්ද එතන ඉන්නෙ කියලා.."
එතන හිටිය කැරළිකාරයන්ගේ කන්ඩායමේ නායකයා වගේ හිටිය කෙනා තව කෙනෙක්ගේ උරහිසට තට්ටුවක් දාලා එහෙම කිව්වම ඒ කෙනා ගහ දිහාවට ඇදුනා.
ඒ අතරේ ජන්කුක් අදුනගත්තා එයාව අල්ලගෙන ඉන්න බෙටා කව්ද කියලා! ඒ අර හයිබ්‍රීඩ් ගමේ කෙනෙක් කියලා තේරුන ජන්කුක් කලබල කරන එක නැවැත්තුවා. එක කැරලිකාරයෙක් ඒගොල්ලෝ හිටිය ගහ දිහාවට ඇවිදගෙන එනවා කියල දැන්න ජන්කුක්ව අල්ලගෙන හිටිය බෙටා අනිත් කෙනාගේ ඇස් දිහා බලලා මොහොතක් හිටියා. ඇත්තටම එයාලා මයින්ඩ් ලින්ක් කලා.
YOU ARE READING
𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
Vampireඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි...