"ල්-ලීස් නූනා?"
පිටිපස්සෙන් ඇහුනු කටහඩට හැමෝම ඒ පැත්තට හැරුනා.
" අනේව් මයෙ සූටි හාපැටියා.. "
මහලු කාන්තාව ලගින් ඈත් උන ලීසා දුවගෙන ගිහින් ජන්කුක්ගේ ඇගට පැන්නා. ඒත්,
" ඔහ්.. අනේ මට සමාවෙන්න.. ඔයාට ශිදුනද මයෙ සූටි පැටියෝ??"
ලීසා ජන්කුක්ගේ ඇගට පැන්න ගමන් ජන්කුක්ව එකපාර හෙල්ලුනු නිසා එයා පිටට තියලා රෙදි කෑල්ලකින් ගැටගහගෙන හිටිය ටේහ්‍යුන්ගේ පුංචි ෆොටෝකොපිය එකපාරටම බය වෙලා කෑගහලා අඩන්න පටන් ගත්තා.
අන්න එතකොටයි මෙච්චර වෙලා ජන්කුක්ගේ උරහිස උඩින් එබිලා තිබ්බ හීනි තියුණු ඇස් දෙක ලීසා දැක්කෙ.
" අනේ කුකී මෙයා නම් අපේ ප්‍රොෆෙස වගේමයි අනේ.. "
ලීසා එහෙම කියමින් පොඩි දරුවගේ කම්මුල හිමීට මිරිකද්දි කම්මුල් දෙකත් රතු කරගත්තු ජන්කුක් එයාගෙ පිටට තියලා බැදගෙන හිටිය එයාගෙ පුතාගේ පස්සට අතක් තියලා හිමීට පැද්දුනේ දරුවව නලව ගන්න.
කොහොමත් ටේහ්‍යුන්ගේ ෆොටෝ කොපිය කියන්නෙ එයාගෙ ඔම්මාට කරදර කරපු දරුවෙක් නෙමෙයි. ඒ නිසාම එයා ඉක්මනටම නැලවුනා.
" අනේ.. මේ බලන්න එයා මාව අදුරගත්තද කොහෙද.. "
එයාගෙ කම්මුලේ තියෙන ලීසාගේ අත මුලින්ම හොදින් ඉවකරලා බලපු පොඩි කොල්ලා ඊට පස්සෙ එයාගෙ දත් නැති කට ඇරලා ලීසා එක්ක ලොකුවට හිනා උනා.
" ඕමෝ.. මේ පොඩි කොල්ලට ගිහින් තියෙන්නෙ මමාගේ බනී හිනාව විතරද කොහෙද.."
ලීසා ආපහු පොඩි කොල්ලව හුරතල් කරන්න ගත්තා.
" දැන් ඔය ලමයව අල්ලගෙන හීයා ඇති නේද? "
මහලු කාන්තාව එක්ක ඉදගෙන මේ දිහා බලාගෙන හිටිය බෙටා ඊරිසියාවෙන් පුපුර පුපුර එහෙම කිව්වාම කට කොනකින් හිනා උන ලීසා ජන්කුක්ගේ කම්මුලට හාදුවක් දීලාම එතනින් අයින් උනා.
" හරි.. හරි.. දැන් ඔය ලමයි දෙන්නා රන්ඩු නොකර ඉන්නකො.. ලීසා පුතේ ගිහින් පොඩ්ඩක් පිරිසිදු වෙලා ඔයාගෙ අයියගෙ කූඩාරමට ගිහින් ඇදුමක් එහෙම මාරු කරන් එන්නකෝ.. "
YOU ARE READING
𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
Vampireඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි...