Part 11

444 47 0
                                    

" යුන්ගි හියූන්... "

ජිමින් කිව්ව විදිහටම යුනි එක ලග හන්දියට ටේහ්‍යුන් ජන්කුක්ව එක්කගෙන ආවා.

වාහනෙන් බැහැලා ඉන්න යුන්ගිව් දැක්ක ගමන් ජන්ගුක් කෑගැහුවේ වාහනේ ඉදන්මයි.

" එයාට ඔයාව ඇහෙන්නෑ බේබි.. "

එහෙම කියලා ජන්කුක්ගේ පැත්තට හැරුනු ටේහ්‍යුන් කැබි එකේ තිබ්බ අයිස් කැප් එක ජන්ගුක්ගේ හා කන් වැහෙන විදිහට දැම්මා.

" දැන් හරි.. "

එහෙම කියලා ජන්ගුක්ගේ නලලට හාදුවක් දුන්න ටේහ්‍යුන් වාහනෙන් බැහැලා ජන්කුක්වත් බස්සගෙන යුන්ගි ලගට ඇවිදන් ගියා.

" හියුන්.."

යුන්ගිව දැකපු ජන්කුක් ආපහු සතුටින් කෑගැහුවත් එයා අල්ලගෙන හිටපු ටේහ්‍යුන්ගේ අත නම් ඇතෑරියේ නෑ.

" පරිස්සමින් යන්න පැටියෝ.."

එතන යුන්ගි ඉන්නව කියලා ගානක් නොදත්ත ටේහ්‍යුන් ජන්ගුක්ගේ තොල් වලට නැමිලා පෙක් එකක් දීලා එහෙම කිව්වා.

" ඔයා වාහනේට වෙලා ඉන්න කුක්.."

තමන් ලගට ආපු ජන්කුක්ට යුන්ගි එහෙම කිව්වේ ටේහ්‍යුන් දිහා බලාගෙනමයි.

" මං දිහා බලාගෙන ඉවරනම් පොඩ්ඩක් මෙහෙට එන්න.. ඒන්ජල්ගේ තව බඩු වගයක් තියෙනවා.."

ටේහ්‍යුන් එහෙම කියලා ආපහු එයාගෙ වාහනේ පැත්තට ඇවිදන් යද්දි යුන්ගිත් එයාගෙ පස්සෙන් ගියා.

" ඔයාද එයාගෙ මේට්??"

නැවිලා ඩිකියේ තිබ්බ බෑග් ටික එලියට අදින ගමන් හිටපු ටේහ්‍යුන්ගෙන් යුන්ගි ඇහුවා.

" ඔව් ඒ මම තමයි.."

ටේහ්‍යුන් උත්තර දුන්නේ ඩිකියෙන් ලොකු බෑග් හතරක් පහක් එලියට ගන්න ගමන්.

" හෙට කුකී යුනි ගියාම ඇවිත් මාව හම්බෙන්න.."

මූනේ කිසිම හිනාවක් නැතුව එහෙම කිව්ව යුන්ගි ටේහ්‍යුන්ගේ අතේ තිබ්බ බෑග් ටික උදුරන් ගිහින් එයාගෙ වාහනේට නැග්ගා.

එයාලා එතනින් යනකන් බලාගෙන හිටපු ටේහ්‍යුන් වාහනේට නැගලා යන්න ගියා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now