🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
Yes, i lost my mind...
Part 2අපි යමු ආපහු කතාවට~
ඉතින් කන්ඩායමේ ජිමින් හැර අනිත් සේරමල්ලා ජන්කුක්ව බලන්න ආවා. Rm ගිහින් එයාලා ලග තිබ්බ සල්ලි එකතු කරලා ජන්කුක්ගේ හොස්පිට්ල් බිල් එක ගෙවද්දි ජින් ඒ මුලු රෑම ජන්කුක් ලගින් හෙල උනේ නෑ.
වාසනාවකට ජන්කුක්ට තිබ්බේ බාහිර තුවාල ටිකක් විතරක් නිසා හොස්පිට්ල් බිල් එක ගොඩක් ලොකු ගානක් උනේ නෑ.
ජන්කුක්ගේ හියුන්ලා 5 දෙනාම ජන්කුක් වටේ හිටගෙන හිටියේ ඇස් වල කදුලු පුරවගෙන. ඒ හැම කෙනාගේම හදවත් ඇදුම් කෑවත්, වෙනදට එක තැනක ඉන්නෙ නැති දඟ බෝලයක් මෙහෙම නිසලව ඇදක් මත ඉන්නවා දැකපු එතනින් එක්කෙනෙක්ගේ නම් හදවත රිදුනේ වෙනමම විදිහකට.
ඒ කාටවත් ගානක් තිබ්බෙ නෑ එතන ජිමින් නෑ කියලා. ඒත් එයාලාගෙ හිතේ ජිමින් ගැන පොඩි තරහාවක් මතු වෙමින් තිබුනා.
වෙලාව ටික ටික පහු වෙද්දි ජන්කුක්ගේ හියුන්ලා සේරම ඒ ඇද වටේට බිම ඉදගෙන තැන තැන නිදිකිරන්න ගත්තා.
ඒක දැකපු ජින් අනික් හැමෝවම බලෙන්ම ඩෲම් එකට යැව්වේ එතන එයා විතරක් හිටියාම ඇති කියලා.
එයා දන්නවා මුලු දවසම ප්රැක්ටිස් කරලා එයාලටත් මහන්සීයි කියලා. එයාටත් මහන්සීයි තමා. ඒත් මෙතන 5දෙනෙක් නිදිකිරුවා කියලා වැඩක් නෑ.
අන්න ඒ විදිහටයි ජන්කුක්ට සිහිය ඒ ගෙන එද්දි ජින් හයියෙන් කෑගැහුවේ.
ජන්කුක්ව පරික්ශා කරපු දොස්තර ජන්කුක්ට දවසක් යනකන් රෝහලේ නවතින්න කියලා නියම කලේ ජන්කුක් ගුට් කාපු එක කම්පැනි එකටත් ආරංචි වෙලා තිබ්බ නිසා.
මොකද මොන ප්රශ්නෙ උනත් තවමත් ජන්කුක් කියන්නෙ අයිඩ්ල් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්. එයාගෙ මූනෙ කැලැල් හිටින එක එයාට අවාසියක්. ඉතින් දැනට වෙලා තියෙන ප්රශ්නේ ගැන කම්පැනි එකෙන් පරීක්ශනයක් කරලා තීරණයක් ගන්නකන් එයාලා ජන්කුක්ව තියාගන්න තීරණය කලා.
YOU ARE READING
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
Fanfictionටේහ්යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන ය...