Yes, i lost my mind...
Part 4..........................
🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
ඒ වෙන කවුරුත් නෙමෙයි..
කටහඩින්ම පමණක් ලොවක් වසග කරගත්තු ගායක JJK! ගායක කිව්වට එයා මල්ටි ටැලන්ටඩ්!
නටන්න, ගයන්න, රැප් කියන්න, චිත්‍ර අදින්න වගේ දේව වලට එයා දැක්කුවේ ඉහලම දස්කම්. ඒ විතරක් නෙමෙයි එයාට ඇමරිකාවේ පිලිගත්ත විශ්වවිද්‍යාලයක උපාධියක් පවා තිබ්බා. එයාගෙ මොලෙන් ගහන ගේම්ස් කොච්චර පවර්ෆුල්ද කියනවනම් වහන තත්වෙට බංකොලොත් වෙලා තිබ්බ STAR ENTERTAINMENT කම්පැනි එක සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න පුලුවන් උනා. ඒකට එයාගෙ දස්කම් පවා බලපෑවා!
එක මාසයකට කෝටි ගානක් සල්ලි හම්බකරන මේ JJKගේ ජීඑඉතේ රහස් දෙකක් තිබ්බා. එකක් එයාගෙ මූන. අනික එයාගෙ ඇත්ත නම!
ස්ටේජ් එකට නැගලා මේ වෙද්දි අවුරුදු ගානක් ගෙවිලා තිබ්බත් තවමත් කවුරුව්ත්ම එයාගෙ මූන දැකලා තිබ්බෙ නෑ. එයා හැමතිස්සෙන එයාගෙ මූන කලු පාට මාස්ක් එකක් දාගෙන වහලා තියාගන්න පරිස්සම් උනා. ඒත් එයාව ලගට දැකපු ඕනම කෙනෙක් කියයි එයාලා එයාලාගේ ජීවිත කාලෙටම දැක්ක ලස්සනම ඇස් තිබ්බෙ JJK ට කියලා!
අඩුම කන්නවත් වතුර ටිකක් බොන්නවත් මිනිස්සු ඉන්න තැනක මාස්ක් එක අයින් කරපු නැති JJK එයාගෙ ඇත්ත නම, ඇත්ත ජීවිතේ විශ්තර අඩුම එයාගේ රසිකයන්ටවත් දැනගන්න තිබ්බෙ නෑ. JJK බැදිලා හිටිය කම්පැනි එක පවා JJK ගේ අනන්‍යතාවය පිටට හෙලි කලේ නෑ.
කොච්චර දෙනෙක් එයා තමයි JJK කියලා ඉදිරිපත් උනත්, ඒ හැම වෙලේකම ඇත්තම JJK වෙනුවෙන් කම්පැනි එක නැගීහිටියා! මොකද ඒ කම්පැනි එක් අද පවතින්නේ JJK නිසා. අද ලෝකයේ ඒ තරම් තැනක් දිනාගෙන ඉන්නේ JJK නිසා!
තවමත් රෙඩ් කාපට් එකේ මුල් හරියේ ඇවිදගෙන එන JJK දිහා බ්ලැක් ඒන්ජල්ස්ලා බලාගෙන හිටියා.
පිටින් පේන කෙනෙක්ට පෙනෙයි එයා උඩගුයි කියලා. සීතල හදවතක් තියෙන්නෙ කියලා! උඩගු කෙසේවෙතත්.. හදවත නම්.. ඒ හදවත සීතල නෑ.. ඇත්තෙන්ම නෑ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ හදවත තනිකරම ගලක්! සීතල හදවත් කොයි වෙලේක හරි දියවෙලා ගිහින් උණුසුම් හදවතක් වෙන්න පුලුවන්. ඒත් ගල් හදවතක්?
YOU ARE READING
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
Fanfictionටේහ්‍යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්‍යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්‍යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන ය...