Yes, i lost my mind...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
........................................." අනේ.. ඇයි කොල්ලෝ මේ? "
ජින් ජන්කුගේ ඇස් දිහාම බලාගෙන අහද්දි කටින් කිසිම උත්තරයක් නොදුන්න ජන්කුක් මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.
ලොකු හුස්මක් පහලට දාපු ජින් හිතුවේ ජන්කුක්ගේ තුවාල වල කැක්කුම නිසා එයා කතා කරන්න කැමති නැතුව ඇති කියලා.
" මට ගෙදර යන්න ඕනෙ.."
අහක බලාන් කල්පනා කර කර හිටිය ජින්ට ජන්කුක්ගේ කටහඩ ඇහුනේ ඇහෙන නෑහෙන ගානට.
ඔව් ඇත්තටම.. ලොකු කුඩා මොන ජාතියේ ප්රශ්නයක් උනත් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ ගෙදර. අපෙ අම්මාව. මොකද ඒ තමයි අපේ සේෆ් ප්ලේස් එක..
ඉතින් ජින් හිතුවා තවමත් පොඩි දරුවෙක් උන ජන්කුක්ටත් මේ වෙලාවේ එයාගෙ ඔම්මාගේ උණුසුම ඕනෙ ඇති කියලා.
ඉතින් ජන්කුක්ට ටිකක් නින්ද යනකන් ඔලුව අතගාපු ජින් ජන්කුක්ගේ ඩොක්ටර් ව හොයාගෙන ගියා.
ඒත් ජින් දැක්කෙ නෑ ඇස් පියන් යටින් හෙලවෙන ජන්කුක්ගේ ඇස් වත්, ඒ ඇස් කොන් වලින් ගලාගෙන ගිය කදුලුවත්.
................................
" ඔන්න මල්ලි උබට හෙට උදේට ගෙදර යන්න පුලුවන්.. මම ඩොකාටයි කම්පැනි එකටයි වැන්දෙ නැති ටික විතරයි.."
ජින් ඩොක්ටර්ට තත්වෙ පැහැදිලි කරන්න හැදුවත් ජන්කුක් තවමත් හොස්පිට්ල් ඉන්නෙ කම්පැනි එකේ කීම මත උන නිසා, ජින්ට සිද්ද උනා rm ගේ උදව් ගන්න.
ඉතින් rm කියලා කියලා කම්පැනි එකෙන් කැමැත්ත ගත්තා ජන්කුක්ව ගෙදර යවන්න.
ඉතින් එදා හවසම rm ඇතුලු ජන්කුක්ගේ අනික් හියුන්ලා 4 දෙනා ජන්කුක්ගේ ඇදුම් කිහිපයක් වගේම ජන්කුක් කන්න කැමතින් දේවල් කිහිපයක් අරන් ජන්කුක්ව බලන්න ගියා.

YOU ARE READING
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
Fanfictionටේහ්යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන ය...