Yes, i lost my mind...
Part 8...................
🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්‍ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
Before a week
" කුකී මට හියුන්ලට කතා කරන්න ඕනෙ.."
උදේ කෑම මේසෙන් නැගිටලා ගියපු ජන්කුක් ආපහු ගෙදර ආවේ මහ රෑ. ඒත් ඒ වෙනකන්ම ටේහ්‍යුන් මග රැකගෙන හිටියේ සාලේ සෝපාවේ නිදි කිර කිර.
" බෑ"
තනි වචනෙන් කෙලින් උත්තර දුන්නු ජන්කුක් සාලෙ හිටිය ටේහ්‍යුන්ගේ මූන දිහාවත් බලන්නේ නැතුව වේගෙන් පඩිපෙල නැගලා කාමරේට ගියා.
ජන්කුක් කරපු දෙයින් හිත රිදුනත් ටේහ්‍යුන් ඉක්මනටම ආපහු කලින් හිටිය ජන්කුක්ව ගේනවා කියලා හිත දැඩි කරගත්තා.
ගෙදර දොරවල් ජනෙල් සේරම ලොක් කරපු ටේහ්‍යුන් කාමරේට ආවා. ඒත් ජන්කුක් කාමරේ හිටියේ නෑ. කාමරේ ඇතුලේ තිබ්බ නාන කාමරෙන් වතුර වැටෙන සද්දෙ ඇහෙනකොට ටේහ්‍යුන්ට තේරුනා ජන්කුක් නානවා ඇති කියලා.
ජන්කුක් එනකං කියලා ඇදට පැන්න ටේහ්‍යුන් කරන්න වැඩක් නැති කමටම ඇදේ කම්මැලි කමේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටියා. මොකද ටේහ්‍යුන්ගේ ෆෝන් එක ජන්කුක් ලගයි තිබ්බෙ. ටේහ්‍යුන් හිතුවේ එහෙමයි!
ඇදේ ඔහේ පෙරලි පෙරලි හිටිය ටේහ්‍යුන්ගේ ඇස් කොනක් බෙඩ් ටේබල් එක උඩ තිබ්බ බඩු වලට වැදුනා.
සමහර විට ඒ තත්පර ගානක බැල්ම බෙඩ් කබඩ් එකට වැදුන්නැතුව තිබ්බා නම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.. ගොඩක් වෙනස් වෙන්න තිබ්බා!
දෙපාරක් නොහිතපු ටේහ්‍යුන් දඩබඩ ගාලා නැගිටලා ඇදේ ඉදගත්තා.
අත දික් කරපු ටේහ්‍යුන් බෙඩ් ටේබල් එක උඩ තිබ්බ ජන්කුක්ගේ ෆෝන් එක අතට අරගත්තා!
ඒක තමයි එයා කරපු ලොකුම වැරැද්ද! නොදන්නවා උනත් හිතා මතා කරපු ලොකුම වැරැද්ද!
ලොක් කරලා නොතිබ්බ ෆෝන් එක ඇතුලේ ටේහ්‍යුන් ඔහේ සැරිසැරුවා. ජන්කුක්ගේ හැම දේම වගේම ෆෝන් එකේත් තීම් එක උනේ තනිකලු.. හැම දේම කලු!
![](https://img.wattpad.com/cover/362919391-288-k895266.jpg)
YOU ARE READING
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
Fanfictionටේහ්‍යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්‍යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්‍යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන ය...