Yes, i lost my mind...
Part 6..........
🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්‍ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
ටේහ්‍යුන් ගල් ගිල්ලා වගේ කිසිම රිඇක්ශන් එකක් නොපෙන්වා ඉන්න කොට තොල් ලාවට ඇදලා කින්ඩියට වගේ හිනා උන ජන්කුක් ටේහ්‍යුන්ව අතෑරලා අනිත් පැත්ත හැරුනා යන්න.
ඒත් එකපාරටම එයාගෙ අතක් තදින් කවුරු හරි අල්ලගත්තම එයා එහෙම්මම නැවතුනා.
" ඇයි? "
ජන්කුක් ඇහුවේ කිසිම හැගීමක් නැති හඩකින්.
" මං එන්නම්.."
ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්කුක් ඉක්මනටම අනික් පැත්ත හැරුනා.
" මොකක්? "
ජන්කුක්ගේ ඇස් විශාල උනා. එයා හිතුවේ නෑ ටේහ්‍යුන් එයා එක්ක එන්න කැමති වෙයි කියලා.
" හැබැයි මම ඉස්සර හිටිය අහින්සකයා නෙමෙයි.."
ජන්කුක් ටේහ්‍යුන්ට කිට්ටු වෙලා මිමිනුවා.
" මං දන්නවා.."
ටේහ්‍යුන් ජන්කුක්ගේ ජැකට් එකේ කොනක් අල්ලගත්තා.
" මං ඔයාව අරන් යන්නේ හොදකට නෙමෙයි.."
ටේහ්‍යුන්ගේ මූනට තවත් එබුනු ජන්කුක් ටේහ්‍යුන්ගේ තොල් දිහා බැල්මක් හෙලලා ආපහු ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලලා තමන්ගේ තියෙන ගැඹුරුම හඩින් මිමිනුවාම ටේහ්‍යුන් ලාවට හිනා උනා, පේන නොපේන තරමින්.
" මම ඒකත් දන්නවා.."
ටේහ්‍යුන් කිව්වම ජන්කුක් හොද හුස්මක් අරන් ටේහ්‍යුන්ගෙන් ඈත් උනා.
" එහෙනම් එනවා යන්න.."
තමන්ගේ අත අල්ලගෙන ඉන්න ටේහ්‍යුන්ගේ අත ගලවාගත්තු ජන්කුක් ටේහ්‍යුන්ගේ ඒ අතින්ම ඇදගෙන පඩිපෙල දිගේ උඩට යන්න එක අඩියක් තිබ්බා.
" ටේ? ජන්කුක්? කොහෙද ඔයාලා යන්න හදන්නෙ? "
ඒ වෙලාවෙම නැම්ජූන් අක්ක අනිත් හැමෝම එතනට ආවා.
නැම්ජූම්ගේ කටහඩට යන්න ගියපු ජන්කුක් ආපහු පිටිපස්සට හැරුනා.

YOU ARE READING
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
Fiksi Penggemarටේහ්‍යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්‍යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්‍යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන ය...