"අයාන් නැගිටින්න කෝ....ඔහොම නිදාගෙනම ඉන්න හොද නැ..."
"නැගිටිනවකෝ ......"
"අනේ අක්කි මට පාඩුවේ ඉන්න දෙනවකෝ.....ගිහින් අයියා එක්ක එල්ලේනවකෝ"
"ඒකා ගෙදර නැ..."
"ඇයි කොහෙද ගියේ...."
"අර සමාධි එක්ක ඉස්කෝලේට ගිහින් එන්න ගියේ...සංගිත පැක්ටිස් කියලා....."
"එකත් එහෙමද ..."
අමතක කරන්න හැදුවත් ඒ තුවාල තව වැඩි වෙනවා විතරයි...ඒක එයාගේ ජිවිතේ මේක මගේ ජිවිතේ .තමන්ගේ අයියාට ආදරේ කරනවා නම් විදවන්නත් බලගෙන කරපන් අයානයෝ....
"චුටි පුතේ..."
"ඕ අප්පච්චි "
"ඔයා අපිට නොකිය දෙයක් තියෙනවා ද...හිතේ තියාගෙන හිර කරගෙන ඉන්න දෙයක්....."
"අනේ එහෙම නැ අප්පච්චි .ඇයි"
"නැති වෙන්න බැනේ දරුවෝ...අර සුදුත් කියන්නේ ඔයා මොනාද හිතේ තියාගෙන තනියෙම හුල්ලනවා කියලා.."
එයා එහෙම කිව්වද එයා දන්නේ නැමේ ඒ එයා හින්දා කියලා
" අනේ නැ .ඔහොම ඉදන් ඔලුව ටිකක් අත ගාන්නකෝ අප්පච්චි "
"මගේ දරුවෝ හිතේ තියෙන දෙයක් කියන්න හිතේ තියාගෙන විදවන්න එපා...අයියා කියනවා වගේ ඔයා සෙනාලි දුවට කැමති ද......"
"ඌට පිස්සු අප්පච්චි ,කතා බහා කරා කියලා හැගිම් ඇති වෙන්නේ නැනේ..අයියාට සමාධි හිටියට මට කවුරුත් නැ "
"සමාධි.....අපේ පුර්ණගේ කෙල්ල...."
"නැ ...නැ...ඒ දෙන්නා අතර එහෙම දෙයක් නැ ....අපි නිකන් එයාට ඒ නම කියනවා....."
"එකත් එහෙමද ,හ්ම් හ්ම්...කෝ යන්කෝ අපි එලියට...."
අප්පච්චිගේ බල කිරිල්ලට මිදුලට ආවට මගේ හිත කියන්නේම තනි වෙන්න කියලා...එත් හිතුවේ නැති මොහොතක හිතුව නැති දෙයක් වුනා...කේෂර වේගෙන් ඇවිත් බයික් එක කාඩේ ගාව දාලා මම ඉන්න තැනට දුවගෙන ආවේ හරි කලබලෙන්...
"අයිය...."
" තාත්තා ගෙට යන්න ඉක්මනට ,අක්කවයි ,අම්මවයි හංගගන්න"
YOU ARE READING
You are mine ✅
Fanfictionවැහි බිදක් නොමැති කතරක මා හා අත් වැල් බැදන් ආ මාගේ සෙවනැල්ල සේ මා අසල රැදි ඔබටයි මේ සංසාර චාරිකාවම..........❤❤❤❤❤ " මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි බන් මැරෙනකන් ම ලග තියා ගන්න......මෙන්න මේ පපුව අස්සේ "