-----------------------------------------------------------------------------------එදා හොදටම වැහි දවසක්.. ජනෙල් කවුලුවෙන් පේන අදුරු අහසේ, එක තරුවක්වත් නැති තරන්.. කළු පාට වැහි වලාකුළු වලට හද පවා වැහිලා ගිහින් තිබ්බේ ජන්කුක්ගේ පපුව පවා බර කරලා.. මොකද, එයා හැමදාම එයාගේ දුක කියන්නේ හදට.. ඉතින්, අද එයා කා එක්ක දුක කියන්නද !! ඒ පපුව හොදටම බර වෙලා.. මවුකිරි වලින් දැනෙන බරටත් වඩා ඒ බර වේදනාවක් !!
රාත්රී දහය විතර වෙනකන් හද වෙනුවෙන් බලාගෙන හිටපු ජන්කුක්, ජනෙල් කවුලුව වහලා දැම්මේ එයාගේ කුසේ ඉන්න පැටියව රැකගන්න ඕන නිසා..
ලොකු හුස්මක් ගත්ත ජන්කුක්, මවුකිරි වලින් වගේම හැගීම් වලිනුත් බරවෙලා වේදනා දෙන පපුව පිරිමදින ගමන් අමාරුවෙන් තමන්ගේ පොඩි ඇදට නැංගා..
පරිස්සමෙන් ඇදේ හාන්සි උන ජන්කුක් ලොකු හුස්මක් ගත්තා.. ජන්කුක්ට මහන්සී.. මේ හැමදේකින්ම මහන්සී.. ඒත්, මාස අටක් ඉවසගෙන හිටිය ජන්කුක්ට, තව මාසයක් කියන්නේ මහලොකු කාලයක් නෙවෙයි.. ඒත්, දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙට ඕන කරන ආදරේ ජන්කුක්ටත් ලැබුණනම්, ජන්කුක්ට මේ දේ තව පහසු වෙයි !!
ඒත්, හැමදේම තව මාසයයි.. එතනින් පස්සේ හැමදේම ඉවරයි.. ජන්කුක් හිනාවුනා.. ලාවට හිනාවුන ජන්කුක් තමන්ගේ වේදනා දෙන කුස පිරිමදින ගමන් පහළ තට්ටුවෙන් ඇහෙන සද්ද වලට ඇහුන්කන් දුන්නා.. ඒත්, තමන් එතනට අයිති නෑ !! ඇස් අග පිරුණු කදුළු බින්දුවක් පිහදාපු ජන්කුක් ආයෙත් බර හුස්මක් ගත්තා..
"මමා වෙනුවෙන් ඉවසන්න පැටියෝ.."
අමාරුවෙන් තමන්ගේ කුස පිරිමැදපු ජන්කුක් සහනයක් බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගත්තා !! ජන්කුක් දන්නවා.. අනිත් අයගේ මාස අටේ කුසට වඩා තමන්ගේ කුස වේදනා දෙනවා කියලා.. මොකද, ජන්කුක්ට බෑ දරුවෙක් හදන්න !! ඒත්, එයාගේ එකම ආදරේ වෙනුවෙන්, කිම් ටේහ්යුන්ග් වෙනුවෙන් එයාට ඒක කරන්න වෙනවා.. තමන්ගේ පණ ටික දීලා හරි !!
><
PAST~
ජන්කුක් කියන්නේ හරි අහිංසක වගේම, හිතාගන්න බැරි තරන් ලස්සන පිරිමි ළමයෙක්.. ජන්කුක් ජීවත් උනේ එයාගේ හැල්මොනී එක්ක.. ජන්කුක් චූටි කාලෙම එයාගේ ඔම්මයි, අප්පයි දෙන්නම එයාට නැතිවෙද්දි, ජන්කුක්ගේ හැල්මොනී ජන්කුක්ව පරිස්සමෙන් බලාගත්තේ ලොකු හේතුවක් ඇතිව.. ඒ දෙන්නා හරි ලස්සනට ජීවත් වුනා.. හැබැයි, ටේහ්යුන්ග් එයාලගේ ජීවිතේට එන්න කලින් !!
කිම් ටේහ්යුන්ග් කියන්නේ ගොඩක් පෝසත් පවුලක එකම දරුවා.. ටේහ්යුන්ගේ අප්පා නැතිවුනාම ටේහ්යුන්ග් තමා ඒ බිස්නස් සේරම කරගෙන ගියේ.. නෑ, ටේහ්යුන්ග් ඇත්තටම හොද චරිතයක්.. ඉතින්, අහම්බෙන් වගේ ජන්කුක්ව, ටේහ්යුන්ගේ ඇස් වලට අහුවුනේ ඒ දෙන්නව ඒ දෙන්නටම ලියලා දීලා !! ඉතින්, ඒ දෙන්නා තීරණය කලා මැරි කරන්න.. හැබැයි, මැරි කරන්න කලින් ජන්කුක්, ටේහ්යුන්ග්ට මතක් කරපු එක දෙයක් තිබ්බා.. ඒ ජන්කුක්ට දරුවෝ හදන්න බැරි බව.. හරි, ටේහ්යුන්ග්ට ඒක කිසිම ප්රශ්ණයක් උනේ නෑ.. ඉතින්, ඒක ජන්කුක්ගේ හිතට සහනයක් උනා !!
ඉතින්, ඒ දෙන්නා ඇත්තටම එයාලගේ විවාහා ජීවිතය ලස්සනට ගත කලා.. ඔම්මා කෙනෙක්ගේ ආදරේ හරියකට ලැබුනේ නැති ජන්කුක්ට, ඒ ආදරේ ටේහ්යුන්ගේ ඔම්මා ඒ විදියටම දුන්නා.. ඒත්, මැරේජ් එකෙන් අවුරුද්දකට විතර පස්සේ සේරම කනපිට පෙරලුනා.. මොකද, ටේහ්යුන්ගේ ඔම්මට ඕන වුනා ටේහ්යුන්ගේ දරුවෙක් දකින්න.. ඉතින්, එතනින් පස්සේ හැමදේම විනාශ වෙලා ගියා !!
ජන්කුක්ට පණ වගේ ආදරේ කරපු ටේහ්යුන්ග් පවා ටික ටික වෙනස් වෙන්න ගත්තා.. ජන්කුක්ගේ පැත්තවත් බලන්නේ නැති තරමට ටේහ්යුන්ග් වෙනස් උනා.. හැමදාම එකම දේ මතක් කර කර ජන්කුක්ව නොමරා මැරුවා.. කලින් හිටපු ආදරණීය ටේහ්යුන්ග් හොයන්නවත් නැති වෙද්දි, ටේහ්යුන්ග්ට ආදරේ කරපු පුදුම තරම් ලස්සන ජන්කුක්වත් හොයන්නවත් නැති උනා.. ඉතින්, ජන්කුක්ට මේ දේවල් ඉවසගන්න බැරි උනා.. මොකද, ඉස්සර ජන්කුක් හදලා දෙන කෑම ආසාවෙන් කාපු ටේහ්යුන්ග්, ජන්කුක්ගේ කෑම පවා පිළිකුල් කලා.. ඉතින්, ජන්කුක්ගේ මානසික මට්ටම බිංදුවට වැටුනා.. ඉතින්, මේ හැමදේම අවසානේ ජන්කුක්ට උනා තීරණයක් ගන්න.. ඒ නිසාම කවුරුත් ගෙදර නැති වෙලාවක් බලලා ජන්කුක් හොස්පිටල් එකට ගියේ මේ හැමදේම හරිගස්සන්න !!
ඉතින්, අවසානේදී ටේහ්යුන්ගේ ලේ වලින් ජන්කුක්ගේ කුසේ දරුවෙක් වැඩෙන්න ගත්තා.. ජන්කුක්ට සැනසීමක් දැණුනා.. ඒත්, ඒ සැනසීම වැඩි කල් තිබ්බේ නෑ.. මොකද, ජන්කුක් බලාපොරොත්තු උන ආදරේ ටේහ්යුන්ගෙන් ආයේ ලැබුණේ නෑ.. ඉතින්, ජන්කුක් හිතපු දේවල් හැමදේම වැරදී කියලා ජන්කුක්ට තේරෙද්දි හොදටම පරක්කු වෙලා තිබුණා !!
Continue~
YOU ARE READING
Philophobia~||TK||✔
Fanfiction❝එකපාරම හැමතැනින්ම හමාගෙන ආපු හුලගක් එක්ක චෙරි බ්ලොසම් මල් හුළගට පාවෙද්දි ජන්කුක් ටික ටික නොපෙනී යන්න ගත්තා.. අවසානෙදි හුළගත් එක්කම ජන්කුක්ව නොපෙනී යද්දි ටේහ්යුන්ගේ කණ ලගින් ඇහුනේ එකම වචනයයි.. "මන් ආදරෙයි !!" ❞