-----------------------------------------------------------------------------------
ඇස් වලට වගේම, මුළු ඇගටම දැණෙන බර ගතියත් එක්ක සිහියත්, අසිහියත් අතර හිටපු ජන්කුක් අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තේ උන කිසි දෙයක් හරියට ඔලුවට නොයෙද්දි.. අමාරුවෙන් ඇස් දෙක ඇරගත්ත ජන්කුක්ට මුලින්ම දැණුනේ සැර බෙහෙත් ගදක් වෙද්දි, වෙච්ච සියලු දේ එකපාරින් මතක් උන ජන්කුක් ඉක්මණට ඇස් දෙක ඇරලා බැලුවේ තමන්ගේ කුස දිහා !! කුස පිරිමදින ගමන් වෙච්ච හැමදේම මතක් කරපු ජන්කුක් එකපාරම හරි සිහියට ආවේ එයා හිටපු හොස්පිටල් රූම් එකේ දොර ඇරෙද්දි.. ජන්කුක්ගේ ඇස් දෙක එකපාරම ගැස්සුනේ එතන හිටියේ ටේහ්යුන්ග් නිසා.. තවමත් උදේ ඔෆිස් ගිය ඇදුම පිටින්ම ටේහ්යුන්ග් දොර ලග ඉන්නවා දකිද්දි ජන්කුක්ට මතක් උනේ ටේහ්යුන්ග් උදේ කියලා ගියපු දේවල්.. බැරි වෙලාවත් දරුවට මොනවා හරි වෙලා තිබුනොත්, ජන්කුක් දන්නවා එතනින් එහාට තමන්ට ජීවිතයක් නෑ කියලා..
"ට්..ටේ.."
ජන්කුක් හැදුවේ අමාරුවෙන් උනත් උන දේ විස්තර කරන්න.. ඒත්, ඊට ඉක්මන් උන ටේහ්යුන්ග් කලේ ජන්කුක් ලගට වේගෙන් ඇවිත් ජන්කුක්ගේ බෙල්ල තදකරලා අල්ලගත්ත එක..
"ම්හ්..ම්"
ජන්කුක්ට හුස්මගන්න එක පවා අපහසු වෙද්දි ජන්කුක් කලේ හුස්ම අල්ලන්න දගලපු එක..
"උඹට මන් මොකද්ද කියලා ගියේ.. ම්ම්.. උඹේ වාසනාවට දරුවට කිසි දෙයක් වෙලා නෑ.. මන් මේ උඹට කියන අවසාන වතාව ජන්කුක්.. උඹ මැරුනත් මට අදාළ නෑ.. මගේ දරුවව පරිස්සම් කරපන් !!"
ටේහ්යුන්ග් කියන වචනයක් වචනයක් ගානේ ජන්කුක්ගේ බෙල්ල තදවෙද්දි, ජන්කුක්ගේ ඇස් කොණෙන් කදුළු බිංදුව-දෙක ගලාගෙන ආවා.. දරුවට කිසි දෙයක් වෙලා නෑ කියලා දැනගත්තම ජන්කුක්ට සැනසීමක් දැණුනත්, ටේහ්යුන්ග් කියන වචනයක් ගානෙම ජන්කුක්ගේ හදවත ටිකෙන් ටික අළු වෙලා ගියා !!
YOU ARE READING
Philophobia~||TK||✔
Fanfiction❝එකපාරම හැමතැනින්ම හමාගෙන ආපු හුලගක් එක්ක චෙරි බ්ලොසම් මල් හුළගට පාවෙද්දි ජන්කුක් ටික ටික නොපෙනී යන්න ගත්තා.. අවසානෙදි හුළගත් එක්කම ජන්කුක්ව නොපෙනී යද්දි ටේහ්යුන්ගේ කණ ලගින් ඇහුනේ එකම වචනයයි.. "මන් ආදරෙයි !!" ❞