-----------------------------------------------------------------------------------
PRESENT~කලින් දවසේ අමාරුවෙන් නින්දට වැටුන ජන්කුක් ආයෙත් ඇහැරෙද්දි උදේ අට විතර වෙලා තිබ්බා.. ඒත්, ඉස්සර ජන්කුක් මීට වඩා උදෙන් නැගිටින කෙනෙක්.. මොකද, ජන්කුක් ඒ කාලේ ටේහ්යුන්ග්ට බ්රෙක්ෆස්ට් හදලා දුන්නා.. දැනුත් ජන්කුක්ට ඒකට ලොකු උවමනාවක් තිබුණා.. ඒත්, ජන්කුක්ට බෑ !!
ඇත්තටම මේ කාලේට ඕනම කෙනෙක්ට ඕනම දෙයක් තමා තමන් ආදරේ කරන කෙනාගේ උණුසුම.. ඉතින්, ජන්කුක්ටත් ඒකට ලොකු උවමනාවක් තිබ්බා.. හැබැයි, ජන්කුක්ට ඒ උණුහුම දරුවා කුසට ආව දවසේ ඉදන් ලැබුණේ නෑ..
දරුවෙක් කුසේ ඉන්න කාලෙට ඕනම කෙනෙක්ට එකේක ආසාවල් එනවා.. ඒත්, ජන්කුක්ට !! නෑ.. ජන්කුක්ට ආසාවක් ඇතිවුනානම් ඒ ටේහ්යුන්ගේ උණුහුම විතරමයි !!
ටික වෙලාවක් ඇදට වෙලා කුස පිරිමදිමින් හිටපු ජන්කුක්, ඇදෙන් නැගිටලා පරිස්සමෙන් වොශ් රූම් එකට ගියේ පිරිසිදු වෙන්න.. පරිස්සමට පිරිසිදු වෙලා එලියට ආපු ජන්කුක් මවු කිරි නිසා ඉදිමිලා තියන පපුවත් උණු වතුර වලින් පිහදාගෙන කොහොම හරි චේන්ජ් කරගත්තා.. ඇත්තටම ජන්කුක්ට උදවු ඕන උනා.. ඒත්, කවුද ජන්කුක්ට උදවු කරන්න ඉන්නේ !!
චේන්ජ් කරගෙන ඉවරවෙච්ච ජන්කුක් කුසත් පිරිමදින ගමන් හෙමින් පහළ තට්ටුවට යන්න ගත්තේ ටේහ්යුන්ග්ව බලන්න.. මොකද, ඊයේ දවසටම එයා ටේහ්යුන්ග්ව දැක්කේ නෑ.. බයෙන් වටපිට බල බල පඩිපෙළ බැහැපු ජන්කුක්ට ඇහුනේ ඩයිනින් රූම් එකෙන් ඇහෙන කතා සද්ද.. ඔවු, ඒ ටේහ්යුනුයි, එයාගේ ඔම්මයි.. දැන් ජන්කුක් එතනට අයිති නෑ.. ජන්කුක් ලාවට හිනාවුනා.. මේ හැමදේම තව මාසයයි !!
YOU ARE READING
Philophobia~||TK||✔
Fanfiction❝එකපාරම හැමතැනින්ම හමාගෙන ආපු හුලගක් එක්ක චෙරි බ්ලොසම් මල් හුළගට පාවෙද්දි ජන්කුක් ටික ටික නොපෙනී යන්න ගත්තා.. අවසානෙදි හුළගත් එක්කම ජන්කුක්ව නොපෙනී යද්දි ටේහ්යුන්ගේ කණ ලගින් ඇහුනේ එකම වචනයයි.. "මන් ආදරෙයි !!" ❞