-----------------------------------------------------------------------------------
AFTER 2 YEARS~
හරි හෙමින් අවුරුදු දෙකක් ගෙවිලා යද්දි මේ ඇවිත් තිබුනේ වසන්ත කාලේ.. පුංචි පුංචි මල් වලින් හැමතැනම ලස්සන වෙන කාලේ !!
ඉතින්, අදත් ඒ වගේ ලස්සන දවසක්.. ඒත්, සොහොන ඉස්සරහා ලිලී මල් පොකුරක් තියන් හිටගෙන ඉන්න පුද්ගලයට ඇර..
එක අතකින් ලිලී මල් පොකුරකුයි, අනිත් අතින් තමන්ගේ හුරතල් පුංචි කෙල්ලවයි අල්ලගෙන හිටපු පුද්ගලයා හෙමින් අඩිය තියන ගමන් සොහොනට ඇතුල් උනා.. ඒ පුද්ගලයාගේ ඇස් යා වුනේ එක ලස්සන සොහොනකට.. තවමත් අලුත් මල් වලින් සැරසිලා තියන සොහොනේ සදහන් වෙලා තිබුණ නම දකින වාරයක් වාරයක් ගානේ ඒ පපුව ඇවිළුනා..
Jeon Jungkook
Birth- 2001.04.20.
Death- 2023-09-11.
සොහොන ලගට හෙමින් පා තියපු ටේහ්‍යුන්ග් සොහොන ඉස්සරහා දණගහගත්තා.. සොහොණ ඉස්සරහා දණගහගත්ත ටේහ්‍යුන්ග් එතනින් ලිලී මල් පොකුර තියලා ලාවට හිනාවුනා.. තමන්ගේ සතුට වෙනුවෙන් හැමදේම අත් ඇරපු පුංචි සුරදූතයා දිහා බලාගෙන ටේහ්‍යුන්ග් හිනාවුනා.."මට සමාවෙන්න මගේ ජන්කූ.."
ටේහ්‍යුන්ග් හැමදාම කියන වාක්‍ය.. ඒත්, වීදුරුවක් බිදලා දැම්මට පස්සේ ආයේ ඒකේ පැල්ලම් කවදාවත් මකන්න බෑනේ !!
ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන්ග් ලාවට හිනාවෙලා තමන්ගේ අතේ ඉන්න පුංචි ජන්ග්හී දිහා බැලුවා.. ඒත්, කෙල්ල ඇගිල්ලකුත් කට ඇතුලට දාගෙන බලාගෙන ඉන්නේ ජන්කුක්ගේ සොහොනට එහාපැත්තේ තිබුණ පුංචි චෙරි බ්ලොසම් ගහ දිහා..
YOU ARE READING
Philophobia~||TK||✔
Fanfiction❝එකපාරම හැමතැනින්ම හමාගෙන ආපු හුලගක් එක්ක චෙරි බ්ලොසම් මල් හුළගට පාවෙද්දි ජන්කුක් ටික ටික නොපෙනී යන්න ගත්තා.. අවසානෙදි හුළගත් එක්කම ජන්කුක්ව නොපෙනී යද්දි ටේහ්යුන්ගේ කණ ලගින් ඇහුනේ එකම වචනයයි.. "මන් ආදරෙයි !!" ❞