නංගිව රෝහලට ඇතුලත් කරගත්තත් ඇයගේ ප්රථිකාර ආරම්බ කරන්නෙ සල්ලි ගෙනාවොත් විතරයි කියපු නිසා ජෙයෝන්ට සිද්ද උනා කොහෙන් හරි සල්ලි හොයාගෙන එන්න .
මහ රෑම ජෙයෝන් හොස්පිට්ල් එකෙන් පිස්සෙක් වගේ එලියට දුවගෙන ආවෙ නංගිගේ රෝහල් ගාස්තු වලට හිගාකාල හරි සල්ලි ඉක්මනින්ම හොයාගෙන එන්න ඕනෙ කියන සිතුවිල්ලත් එක්ක .
නමුත් ඔහු රෝහල් ගේට්ටුව ලගම නතර වෙන්නේ , ගේට්ටුව ඉස්සරහා නතර කරලා තියෙන කලුපාට කාර් එකෙන් තමන් දැකලා හුරුපුරුදු චරිතයක් බැස්ස නිසා .
ජෙයෝන් දෙපාරක් නොහිතා ඔහු ලගට දුවලා ගිහින් ඔහුගේ දෙපා මුල වැටුනා .
අ.. අනේ මාස්ටර්.. කරුණාකරලා මට නංගිගේ හොස්පිට්ල් බිල් එක ගෙවන්න සල්ලි ටිකක් දෙන්න.. මම ඔයාට ඒ සල්ලි ආපහු දෙන්නම්.. කොහොම හරි දෙන්නම්..
ජෙයෝන් අඩන ගමන් තමන්ගේ කලින් ප්රධානියාගෙන් සල්ලි ඉල්ලා හිටියා.
මේ දිහා තවත් බලාගෙන ඉන්න බැරි උන කානිවල් එකේ අයිතිකාරයා Mr.lee ජෙයෝන් උරහිසින් උස්සලා නැගිට්ටෙව්වා . ඊට පස්සෙ එයාගේ අතිනුත් අල්ලගෙන කෙලින්ම හොස්පිට්ල් එකේ ඇතුලට ගියපු mr.lee තමාගේ කාඩ් එකෙන් ජෙයෝන් ගේ නංගිගේ ප්රථිකාර වලට වියදම් වෙන සේරම සල්ලි ගෙවලා දැම්මා.
ජෙයෝන් mr.lee ට ස්තූති කරන්න පටන් ගත්තේ ඔහුගේ කකුල් මුල වැද වැටිලා .
නෑ ජෙයෝන්.. මම දන්නවා ඔයා මට මේ සල්ලි කොහොම හරි ආපහු දෙයි.. නමුත් මට මේව ඕනෙ නෑ..
ඒත් මම මෙහෙට ආපු වගක් කිසිම කෙනෙක් දැනගන්න ඕනෙ නෑ තේරුනාද?
Mr.lee කිව්වාම ජෙයෝන් කලේ නිහඩවම හිස දෙපැත්තට වනපු එකයි.
ජෙයෝන්ගේ ඇස් දිහා බලාගෙන mr.lee කතා කලත් ඔහු අන්තීම වාක්ය කිව්වේ අහක බලාගෙන. ජෙයෝන්ට තේරුනා mr.lee ඔහුගෙන් මොනාම හරි හංගනවා කියලා .
නමුත් ඔහුට හිතුනා ඔහු ඒක ඒ වෙලාවෙ අහන එක හරි නෑ කියලා~~ සමහර විට ඔහු ඒ අහන්න ගියපු එක ඒ වෙලාවෙම mr.lee ගෙන් ඇහුවානම් ගොඩක් අයගේ ජීවිත ඉදිරියේදී රැකෙන්න තිබ්බා...
YOU ARE READING
𝐽𝑒𝑜𝑛 𝐽𝑜𝑘𝑒𝑟
Actionඇත්තම අහින්සකයෙක්ව දූශකයෙක්, මිනීමරුවෙක් කියලා හංවසු ගැහුවොත්.. ඒ අහින්සකයගේ මල් පෙත්තක් වගේ හිත කොච්චර දුරට පෑරෙන්නෙ නැතුව තියේවිද? කවදාවත් ලෝකයේ දුශ්ඨ චරිත උපතින්ම බිහි උනේ නෑ.. ලෝකයා විසින්ම අහින්සක මිනිස්සුන්ව දුශ්ඨයෝ කරා මිසක!! මේ ඒ වගේම අහින්...