ඔහු සිහින මැව්වා දැන්ම ඉදන් තව තවත් ක්‍රමවේද වලට මිනීමරමින් සතුටු වෙන හැටි..
ඔහුගේ මුව අගට සිනහවක් ආවා..
ඒත් ඒ අනුන්ගේ මරණය ගැන සිතමින් විතරමයි~~
......................
ඊලග සතිය තුල ජන්ගුක් පුලුව්න් තරම් මහන්සි උනේ තමාව එක් ස්පර්ශයෙන් බිම හෙලූ ඒ සිරකරුව හිරගෙදර තුලදී සොයා ගැනීමටයි.
අවසානයේ ඔහුට හැකි උනා ඒ සිරකරුව හොයාගන්න. ඒ පමණක් නොවඔහුගේ සෑම තොරතුරක්ම දැන ගැනීමට පවා හැකි උනේ ජන්ගුක් යනු මේ වන විට සිරගෙදර ජේලර් වරු පවා බියවැද්දූ පුද්ගලයෙක් නිසා.
කෙසේ හෝ මුදල් නෝට්ටු කිහිපයකට ජන්ගුක් ට පුලුවන් උනා ඔහු මෙච්චර කාලයක් හෙවූ ඒ සිර කරුගේ කුටියට ඇතුලු වීමට.
ඒ කුටියට සාමාන්‍ය අයෙකුට ඇතුලු වීමට තහනම් කර තිබුනේ ඒ හිරකරු එතරම් භයානක නිසයි. නමුත් මිල මුදල් වලට කල නොහැක්කේ කුමක්ද..?
සිර කුටියට ඇතුලු වූ ජන්ගුක් දුටුවේ එම කුටියේ හරි මැද්දට වන්නට තබා ඇති යකඩ මේසයක් මත තම කෑම එක තබාගෙන යකඩ පුටුවක් උඩ ඉදගෙන කැම කන ඔහු සෙවූ තැනැත්තාවයි.
කිසි කතාවක් නැතුව ජන්ගුක් ගොස් මේසයේ ඉදිරියේ වූ තවත් යකඩ පුටුවක් ඇද එහි ඉදගත්තා. ඔහු ඉතාමත් සන්සුන්ව ඔහු ඉදිරියේ ආහාර ගනිමින් සිටින පුද්ගලයා දෙස බලා සිටියා. ජන්ගුක් කිසි දිනෙක ආහාර ගනිමින් සිටින කෙනෙකුට මෙන්ම කුඩා දරුවන් සිටින හෝ ගැබිනි කාන්තාවන්ට කරදර කරන්න ගියේ නෑ...
මොකද ඔහු දන්නවා පොඩිකාලේ තමා සහ තමාගේ පුංචි නංගි බඩගින්න නිසා කොච්චර වද වේදනා හා හිරිහැර වින්දාද කියා. එමෙන්ම ඔහු පොඩි ලමුන්ට හෝ ගැබිනි කාන්තාවන්ට හෝ කුඩා ලමුන් සිටින කිසිවෙකුටවත් හිරිහැරයක් නොකලේ එයින් ඔහුගේ හිතට සහනයක් නොදැනෙන නිසා. කවුරුන් හෝ කුඩා දරුවෙක් දුටු විගසම ඔහුට තම නැගනිය මතක් වන නිසා ඔහු කුඩා දරුවන්ව ආරක්ශා කිරීමට බොහෝ විට පෙලබුනා.
කෙසේ හෝ පැය කාලාක් ගෙන හිමින් හිමින් තම ආහාරය රසවිදි සිරකරු තමා ආහාර ගත් ස්ථානයද අස් කර දමා නැවතත් තමා හිද සිටි ස්ථානයේම හිදගෙන හරි කෙලින් ජන්ගුක් ගේදෑස් දෙස බැලුවා.
YOU ARE READING
𝐽𝑒𝑜𝑛 𝐽𝑜𝑘𝑒𝑟
Açãoඇත්තම අහින්සකයෙක්ව දූශකයෙක්, මිනීමරුවෙක් කියලා හංවසු ගැහුවොත්.. ඒ අහින්සකයගේ මල් පෙත්තක් වගේ හිත කොච්චර දුරට පෑරෙන්නෙ නැතුව තියේවිද? කවදාවත් ලෝකයේ දුශ්ඨ චරිත උපතින්ම බිහි උනේ නෑ.. ලෝකයා විසින්ම අහින්සක මිනිස්සුන්ව දුශ්ඨයෝ කරා මිසක!! මේ ඒ වගේම අහින්...