ජන්ගුක් හිටියේ හිරගෙදරින් එලියේ. ඔහුට ලැබිච්ච වැඩක් සම්පූර්ණ කරන ගමන්.
" එහෙනම් කොල්ලො.. හොදට පිච්චෙන්න.. මේ ගින්දරේ.."
ඇද උඩ ගැටගහලා හිටපු මැදිවියේ මනුස්සයා දිහා බලාගෙන එහෙම කියපු ජන්ගුක් කටකොනින් හිනා වෙලා තමාගේ කලිසම් සාක්කුවෙන් ඇදලා ගත්තේ ලයිටරයක්.
" ම්ම්..ම්ම්හ්හ්..හ්ම්ම්.."
ඇදේ ගැටගහලා හිටපු මනුස්සයා කෑගැහුවත් ඒ වචන එලියට ආවෙ නිකන්ම නිකං සද්ද විදිහට විතරයි. මොකද ඒ වෙනකොටත් ජන්ගුක් ඔහුගේ කට ගැටගහලයි තිබ්බෙ.
" අහ්?? මොකද්ද?? මට ඇහුනේ නෑනෙ"
ඇගේ ගැටගහලා හිටපු මනුස්සයා දිහා බලාගෙන කින්ඩියට මහ හඩින් හිනාඋන ජන්ගුක් ලයිටරේ දිහා බැලුවා.
" දන්නවද මට ඕනෙ උනේ උබව මරනකොට උබේ මරණෙ ස්වාභාවික මරණයක් කියලා පෙන්නන්න. වැඩේ කියන්නෙ උබව මරන්න කියපු එකාට ඕනෙ උනේ මේක මිනීමැරුමක් කියලා පෙන්නන්නනෙ..
ඒක නිසා දුකෙන් හරි මට උබට ගිනිතියන්න වෙනවා.. "
ජන්ගුක් එහෙම කිව්වෙ දුකෙන් මූන පුරවගෙන.
" නැත්තම් මම හිටියේ තමුන්ට වයින් එකකට පොඩි රසායනිකයක් දාලා උබේ ඇග ඇතුලින් දිලීරයක් වර්ධනය කරවන්න..
මාසයක් හයක් විතර උපරිම විදවන්න වැඩක් මම සෙට් කරන්න හැදුවෙ.. හරිගියේ නෑ"
දුකින් එහෙම කියපු ජන්ගුක් කකුල ලග බිම තිබ්බ ලොකු පෙට්රල් කෑන් එක අතට ගත්තා.
" කමක් නෑ.. දැනටමත් උබේ අත් කකුල් වල හම නෑනෙ.."
ජන්ගුක් පෙට්රල් කෑන් එක අතේ තියාගෙනම වියරුවෙන් හිනා උනා.
ඔව් ජන්ගුක් ඒ මනුස්සයාව ඇදේ ගැටගහන්න කලින් පුටුවක ගැටගහලයි තිබ්බෙ. ඒ මනුස්සයා හොද සිහියෙන් ඉන්න වෙලාවේම ජන්ගුක් ඔහුගේ අත්, කකුල් වල මෙන්ම පිටෙත් හම ගලවලා දැම්මේ පොඩි කිනිස්සක් භාවිතා කරලා.
හිතන්න අමු අමුවෙන්ම තමාගේ ඇගේ හම ගලවනකොට මොන තරම් වේදනාවක් ඇද්ද?? නමුත් ජන්ගුක් ආස උනා අනිත් මිනිස්සු වේදනාවෙන් ඉන්නකොට.
YOU ARE READING
𝐽𝑒𝑜𝑛 𝐽𝑜𝑘𝑒𝑟
Actionඇත්තම අහින්සකයෙක්ව දූශකයෙක්, මිනීමරුවෙක් කියලා හංවසු ගැහුවොත්.. ඒ අහින්සකයගේ මල් පෙත්තක් වගේ හිත කොච්චර දුරට පෑරෙන්නෙ නැතුව තියේවිද? කවදාවත් ලෝකයේ දුශ්ඨ චරිත උපතින්ම බිහි උනේ නෑ.. ලෝකයා විසින්ම අහින්සක මිනිස්සුන්ව දුශ්ඨයෝ කරා මිසක!! මේ ඒ වගේම අහින්...