අදත් මම කළු.
රන් පාටින් රටා ඇඳුන
සිනිදු සලුවක් පිට පුරා ඇදුන
බෙල්ල මුලටම බොත්තමක් තද උන
රාජකීය ඇඳුමක් ඇඳන් මන්
ගිරිගරුඬෙන් නිමඋන
රාජකීය රටා ඇඳුන
අල්තාරයක් යටින්
ගියා මම
මගේ කාමරේ සඳළුතලයට
කොල පාටින් වැහුන කඳු වලල්ල
නිල් පාටින් පිරුණ දිය අඟල
හිස් අහසට වතුර විදින වතුර මල
මැද මාලිගාව.
මම ඒ මාලිගාවෙ උඩම තට්ටුවෙ
මගේ කාමරේ සඳලුතලය උඩ.
ඔව් මම කුමාරයෙක් ,
ඇන්ඩ්රාස් රාජයයේ කිරුළ හිමි කුමරු ,
ෆිලික්ස් ලෙව්කේ අල්තාර්.
මම
අත්වැරැද්දකින් ලැබුන කුමරෙක්
මව මරාගෙන උපන් කුමරෙක්
සහෝදරයෙක්ව මරපු කුමරෙක්
පියරජුට පෙනෙන්නට බැරි කුමරෙක්
ඇත්තෙන්ම මම
ශාපලත් කුමරෙක්
ඇන්ඩ්රාස් රාජධානිය ගැන අහලා තියෙනවද ? ම්......
ඔව් මම දන්නවා උත්තරේ -නෑ- කියලා.
ක්රිස්ටෝපර් කොලම්බස්ට පවා මග හැරුණ
ලෝක සිතියමෙන් පවා හැංගුණ
ඉතිහාස පොත් වල පවා නොලියවුණ
හරි අපූරු දූපතක් තමයි
ඇන්ඩ්රාස් රාජධානිය.
මායාකරුවන්
වැම්පයර්වරුන්
සයිරන්වරුන්
ගොන්ගන්ස්වරුන්
මිනිස්වෘක්කවරුන්