අර පොඩි කොලුවා
ගියාට පස්සෙ වෙඩි තියලා
මමත් ගියා එතනින්
සෙනග එකා දෙන්නා
පිරීගෙන එනකොට
යන්න ඕනි තානායමට උනත්
හිත කියන්නෙම
මාලිගාවට යන්න
ගිහින් පියරජුට කියන්න
මම කැමති නෑ මේ මගුලට
කියලා පැහැදිලිව.
අඳුර හෙමිහිට
එනවා සූර්යයා එලවගෙන
කහ පාට ලන්තෑරුම් අතරින්
වීදි දිගේ එල්ලලා තිබුන
මම ගියා යුනිකෝනගෙ පිටේ වේගෙන්
මාලිගාව හරි ලස්සනයි රෑට
කහ පාට එළි වලින් හැඩ උන සුදු පාට බිත්ති
සරුව පිත්තල වීදුරු කෑලි එල්ලපු විශාල සිවිලිම් බල්බ
රන් කැටයම් උනත් දිස්නෙ දෙන්නෙ
දහවලටත් වඩා රෑට
මම ගියා ඉස්සරහා ද්වාරයෙන් ඇතුලට
මූණට මුලිච්චි උන කිසිම කෙනෙක්ට
එක බැල්මක්වත් දෙන්නැතුව
එක හුස්මට නැගපු මම
රවුමට කැරකුණ පඩිපෙල
නතර උනේ කාමරේ දොර ගාව
පිය රජුගෙ
ලොකු හුසමක් ගත්තා
හිත හයිය කරගත්තා
කතා කරලත් නෑ කාලෙකින්
මූණට මූණ පියරජු එක්ක.
"ක්..ක්....කුමරුනි,
ඉන්නවා ඇතුලෙ
රජු මුනගැහෙන්නාපු
අග බිසව."
මැදි වයසෙ උන්නු
සේවක නිල ඇඳුමෙන් සැරසුනු
සේවිකාවක් එහෙම කියනකොට
මම බැලුවා ඒ දිහා
නපුරු විදිහට රවාගෙන.
ඉතින් මට පුකද !