කෙනෙක් අහාවි
මේ ලෝකෙ වැඩිපුරම විශ්වාස කරන්නෙ
කාවද කියලා මගෙන්
ඉතින් මම කියාවි
ඒ මගේ ඉනේ තියෙන පිස්ටල් එක කියලා.
අඩිය තිබ්බා මම
ගඟ අද්දර පුස්ථකාලෙට
ජීවිතේ පළවෙනි වතාවට
පොත් කියවන්න ?
නෑ
කෙනෙක්ව මරන්න.
ලී පාලම දිගේ
දිය සෙවලත් බැඳුනු
ආව මම
අඩියට දෙකට
තැඹිලි පාට වරලක් තිබුන
අපේ දෙකෙක්ව මරපු
දියකිඳුරෙක්ව
මැරුවා මම
එකම එක බුලට් එක්කින්
එක පාරින්ම.
තද නිල් පාට ගැඹුරු ගඟ
තද කොල පාට දිගැලි ලිය
තද ගුරු පාට ගඟ මැද මණ්ඩපය
උඩ
හිටියා කව්දෝ ඉඳගෙන
මට රවාගෙන.
ඉතින් මට පුකද ?
ආපිට රවපු මම
ආපිට ආවෙ
ගියපු වේගෙන්ම
ගියපු පාරෙන්ම.
කළු ග්ලාස්
කළු ටයර්
කළු ෂීට්
කළු ලයිට්ස්
මම නැංගා මගේ කළුම කළු
ලැම්බෝගිනියට.