Arrow - 3

218 55 60
                                    

"හරි මම කැමති

මේ මංගල්‍යයට."


මේ පඩත්තර පොඩි එකා

පුතාව දෙනවද කියලා

පිස්තෝලෙ දික් කරගෙන

අහනකොට

මොකද්දෝ හේතුවක් හන්දා

කැමත්ත දුන්නා පියරජු

එකපාරින්ම.


කැමත්ත දුන්නා නම් ඉතින්

කැමති වෙන්ඩ හේතු එපා මට

වචනයක්වත් නොකියා

ආවා එතනින්න මම

පොඩි එකාගෙ අතකිනුත් ඇදගෙන


කුමාරයෝ කුමාරිකාවෝ

සේවකයෝ සේවිකාවෝ

මාලිගාවේ හැමෝම

කොල්ලෙකුත් ඇදගෙන

කාමරේ පැත්තට යන

මම දිහා

බලාගෙන හිටිගෙ

ඇස් ගෙඩි පවා

පොල් ගෙඩි කරගෙන.


"Excuse me කුමාරයෝ

හුලං බැහැපු බස් එකක් කියල හිතුවද

ඔහොම ඇදගෙන යන්න

මේ මාව ?"


රවුමට කැරකුන පඩිපෙල දිගේ

අතකින් ඇදගෙන නගිනකොට

අර පොඩි එකා එහෙම ඇහුවෙ

හති වැටිලද කොහෙද....


කරන්න දෙයක් නෑ

දැන් උඹට නගින්න වෙනවා

තට්ටු හයක් උඩට

ජීවිත කාලෙම


"හුලං බැහැපු බස්

විතරක්ම නෙවෙයි

ඇදගෙන යන්නෙ

හරක් එහෙමත්

යන්නෙ ඔය ඇදගෙන

මරන්න ගෙනියනකොට."


ආරුක්කුවකට මුවා වෙලා

Ditto 🖤 (Fantasy BL)Where stories live. Discover now