" අහ්ම් අහ්ම්...මුලු සභාවෙන් අවසරයි අප මෙතනට පැමිණියේ අපව හදුන්වා දීමටයි.."
" කවුද මුලින්ම.."
" උබම කියපන් ඉතින්.."
" මම සසිරු නෙත්රූ..
මං ගැන කියනවානම්..මං ගමක ඉපදී හැදී වැඩුන හිච්චි කොල්ලෙක්..පොත් කියවන්නයි නටන්නයි නිදහසේ ඉන්නයි තමා ආස..ඒත් මේ අනිත් උන් මට නිදහසේ ඉන්න දෙන් නැති එක වෙනම කතාවක්..මං හෙන නිව්න අහිංසක චරිතයක්.." කැහැක්..කැහැක්..අන්තිම ටිකනම් වෙන කෙනෙක් ගැන කියන්න ඇත්තේ.."
" පොඩ්ඩක් ඉන්නවකො මැදින් පනින් නැතුව..අහ්ම් මොකක්ද කිය කිය හිටියේ ආ..මං ගැන නේ මං ගැන වැඩිදුර විස්තර කතාවෙන් බලාපොරොත්තු වන්න..ස්තූතී.."
" හරී ඊලග.....කෝ කව්ද.."
" උබ උබ.."
" අහ් මංද..හරි හරි.."
" මං ඇවිල්ලා...ආරව් සෙනාශ්
හිච්චි කාලේ තාත්තගෙ ගුරු පත්වීම නිසා සසිරු එක්ක උගෙ ගමේ ඉදලා දැන් නුවර ප්රධානපිලේ පිරිමි පාසලකට යන්නේ..ඉස්කෝලේ මං ගැන නොදන්න එකෙක් නෑ..අල්ලපු වැටේ ගෑණු ඉස්කෝලේත් මං හරි ප්රසිද්ධයි..සෙනාශ් කිව්වම ඉතින් ආයෙ වයිස් ප්රින්සිපල්ගෙ පුතා තමා..මං ආසම බොක්ශින් ගහන්න..හැමදාම දිනන එක මට ඊසි බ්රෝ..අහම් තව මොනාද.."
YOU ARE READING
තුන්කොන්
Fiksi Remajaතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀