"මහ උළුගෙයි තව මට ඉන්ඩ තියෙන්නෙ දවස් පහයි"
එළි උණ ගමන් මන් මන් ජනේලෙ ගාව හිටන් කල්පනා කළේ ඒක. පෝය පහු උණාද? නෑ දන්නෑ තේවාව මෙහෙට ඇහෙන්ඩ විදියක් නෑ දුර වැඩියි. මුන්ගෙ තේරුමක් නැති සින්දු හින්දා කොහොමත් ඇහෙන්ඩ විදියක් නෑ. මුන් අමු හරක්. පාපතර යක්කු. සක්කිලි.උන්ට ඕනෙ ජහජරාව බොන්ඩ. ගංජා කොටයක් හරි කමක්නෑ. ගේන එවුන් ඉන්නවා. එව්වා හොර රහසෙ වෙන්නෙ සූක්ශමව. කාකි ඇදුම ඇතුළෙ ඉන්නෙ බල්ලො. සමහරඑවුන් හොදයි. සමහර එවුන් සල්ලි වලට කැවුතු කන යක්කු. තිරිසන් හැත්ත..එපා මට ඕව හිතන්ඩ ඕන්නෑ. අනුන්ගෙ මගුල්. ඔවුන් ගැන හිතල පව්පුරෝගන්ඩ ඕන්නෑ. මේ කලකන්නි තව මෙහෙ ඉදී. මන් තව දවස් පහයි.
ජනේලෙන් ඉර එළිය ආවා. අරූ දැන් එන්ඩ වෙලාව හරි. ඌ දැන් එන්ඩ ඕනෙ. ඒත් තාම නෑ. අර පිච්චමල් සුවද ගහන එකා.මන් කිව්වෙ ආරෝන්. ගැට පිච්ච මල. ඌ මගෙ පපුව අස්සට රින්ගල. අර සක්කිලියොන්ට බැන බැන ඉන්නවට වඩා ඌ ගැන හිතද්දි මගෙ හිතට හොදයි.
යන්තං අඩිසද්දයක් ආවා. ඔව් ඒ පොලිසියෙ රාලහාමි..ඊලගට දොර ඇරුණා. ක්රීන් සද්දෙ.. ඇහිලම එපා වෙලා උනත් දැන් ඒ සද්දෙන් මට බලාපොරොත්තුවක් දැයෙනවා.
" අයාශ්... මන් හරි හදිස්සියෙන් අද ආවෙ"
පොලිසියෙ මහත්තය යනකල් ඉදල ආරෝන් එහෙම කිව්වා. මන් උගෙ දිහා නොබලම ජනේලෙන් ආව ඉර එළිය දිහා බලන් හිටියා.
" අයාශ් ඊයෙ කිව්ව දේ හරි....මන් ආවෙ ඒක කියල යන්න. අයාශ්ට මන් ගැන දැනෙන දේ තමා ආදරේ කියන්නෙ. ඒක හරියට මට අයාශ් ගැන දැනෙනව වගේ. අයාශ්ට දැයෙනවද? මේ පපුවට දැයෙනවද?"
ඌ මගෙ ලගට ඇවිල්ලා
මගෙ පපුවෙන් උගෙ අත තිබ්බ. මගෙ පපුව වෙනදටත් වඩා හයියෙන් ගැහුණා. ඒවගේම මහා ලොකු වේදනාවක් ඒක." මට දැයෙන්නෙ මගෙ පපුව රිදෙනව කියල විතරයි "
මන් උගෙ පපුව අහකට විසි කරල එහෙම කිව්වෙ උගෙන් බේරෙන්ඩ. උගෙ මායන් වලින් බේරෙන්ඩ.
මන් අනිත් පැත්ත හැරුණා ඌව මගෙ ඇස් වලට නොපෙනෙන විදියට." ආදරේ කියන්නෙ.. පපුව කකියගෙන එන වේදනාවක් තමයි අයාශ්.. ඊයෙ රෑ තිස්සෙම මගෙ පපුවත් රිදුණා"
YOU ARE READING
තීර්..... [ COMPLETE ]
Non-Fictionසුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්...