ඒ රෑ මහ අමුතු එකක්. අර කාකි කාරයා ආරෝන් ව ඇදගෙන ගිය වෙලාවෙ ඉදන් මන් උගෙ කැවුතු කන හැටියි කල්පනා කළේ. ඌ මහ පිස්සෙක්. ඌ මොකෙද්ද. යකෝ ඒ මගෙ එකා... උට කොහෙන් ද හයියක් ඌව මගෙන් ඈත් කරන්ඩ. මගෙ පපුව කකියෑවා. අරූගෙ තුවක්කුවෙන් කාපු පාරවල් එව්වා තාම රිදෙනවා. මූණ නිල් වෙලා. තුවාල වෙලා." යකෝ මන් මෙහෙ ඉන්නෙ තව රෑ දෙකයි... ඊටපස්සෙ මන් උඹල ගැන බලාගන්නං..මුලින්ම මරන්නෙ අර කාකි කාරයවා. කාලකන්නි බල්ලා... ඌ හිතන් ඇත්තෙ මොකෙක් කියලද"
මන් ඇද උඩ ඉදන් කෑ ගැහුවා. ඒ සද්දෙ දොරෙන් එළියට ගියාද අර පොඩි කවුළුවෙන් එලියට ගියාද ඒක කාටහරි ඇහුණද කියල දන්නෑ. හැබැයි ඇහෙන්ඩ ඕනෙ . මන් කෑ ගැහුවෙ මට පුලුවන් තරම් සද්දෙන්. ඇහෙන් නැතුවත් ඇති. මන් කැ ගැහුවෙ හිත ඇතුළෙන් වෙන්ඩත් පුලුවන් . බාගදා මන් මොකුත් හිතුවෙ නෑ වෙන්ඩත් පුලුවන් . නෑ මන් කෑ ගැහුවා .. හිතන්ඩ හරි ඇති. නැත්තන් එව්ව කොහෙන් ආව එව්වද මගෙ තොල් හෙල්ලුනාද දන්නෑ ආරෝන් හිටිය නම් අහන්ඩ තිබ්බ .. ඌ කියයි තක්කෙටම මන් කෑ ගැහුව කියල. අනිත් එව්න්ට ඇහෙන් නෑ කොහොමත් මන් කියන එව්වා.. හැබැයි ආරෝන්ට ඇහෙනවා. ඔව් උට ඇහෙනවා. ඌ මහ විජ්ජාකාරයෙක්. උට මන් හිතන එව්වත් ඇහෙනවා.
"ආරෝ.........ආ......රා......ඕ..........අරෝ...ආ........අ.......රෝ.............ආ.............. අයෝ......... ආරා.....රෝ........."
මන් බිම තිබ්බ අගුරු කෑල්ල අතට අරගෙන ඔහේ කියව කියව බිත්තියේ ලිව්ව. හැබැයි ඒ ලිව්ව දේවල් මොනවද කියල මට තේරුමක් නෑ. සමහර විට ආරෝන් ගැන වෙන්ඩ ඇති. නැත්තන් මන් නිදහස් වෙන එක ගැන හිතේ තිබ්බ සන්තෝසෙ වෙන්ඩ ඇති. ආරෝන්... උට දරාගන්ඩ බෑ. උට දරාගන්ඩ බෑ ආදරෙත්. ඉතින් ඌ එව්ව කොහොම දරාගන්ඩද.. මට තිබ්බෙ උට ලන් නොවී ඉන්ඩ. උට ආදරේ නොකරන්ඩ තිබ්බ. ඒත් මන් මොනා කරන්ඩද? ඌ වගේ පින්කාරයෙක් ඉද්දි ආදරේ නොකර ඉන්ඩ පුලුවන් ද. හම්මේ ඌ ගාව ආව සුවද...... ඌ ගෙනාව පිච්චමල තාම තියෙනවා. හැබැයි ඒක ඇකිලිලා. ඒත් සුවද.. ඒක තාම එහෙම්මයි. ඒකයි වටිනාකම..පිච්ච මල ගහේ තියෙද්දිත් සුවදයි. කැඩුවත් සුවදයි පරවෙලා වේලිලා ගියත් සුවදයි.. ඉතින් ඒක දිහා බලන් කොහොම අනිත්‍ය මෙනෙහි කරන්ඩද. තව තව ආස හිතෙනව මිසක් කල කිරෙන් නෑ. ආරෝන් වගේ. ඒකට මම.. මගෙ සර්වාංගෙම ජරා වෙලා. ජීවත් වෙලා ඉද්දිත් මළකද වගේ.පරාණෙ යන්ඩත් කලින් මන් ජරා වෙලා. කුණු ගද ගහනවා... මන් මගෙ කිහිල්ල ඉඹල බැලුවා. හරි ගදයි. කොච්චර නෑවත් ඒ ගද යන එකක් නෙමේ. ආරෝන් ගාවඑහෙම නෑ.. ඌ හෙන සුවදයි පිච්ච මලක් වගේ සුවදයි....
ESTÁS LEYENDO
තීර්..... [ COMPLETE ]
No Ficciónසුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්...