ශිතෙව් pov
ශිතෙව් අනුත්තර ජයසේකර
හොස්පිටල් එකෙ ඉදන් 5 වෙද්දි මං කෙලින්ම ගෙදරට ආවෙ 6 ට මංචනායක අන්කල්ලගෙ ගෙදර ඉන්න හම්බුන්නැත්තං මට සතියක් විතර නැගිටගන්න බැරිවෙන්නම ගුටි කන්න වෙයි කියලා බයේ..අම්මො ඉස්සර කාපුවට ඇග තාමත් ඇදුන් කනවා වගේ
මමත් වැඩිය ඇදුම ගැන කෙයා කරන්නැතුව අතට අහුවෙච්ච ඇදුමක් ඇදගෙන,ජොන්සන්ස් ඇන්ඩ් ජොන්සන්ස් ටිකකුත් ගාගෙන කොන්ඩෙත් හරියට පිරගෙන ගියේ මගෙ අල්මාරියෙ කොනේම හංගලා තිබ්බ මගෙ වටිනම වස්තුව ගන්න!
මගෙ අම්මාගෙ මාලේ..මගෙ අම්මගෙ කියලා ඉතුරු වෙච්ච අන්තිම දේ...මෙ මාලෙ ඇරෙන්න අඩුමගානෙ මගෙ අම්මගෙ පින්තූරයක්වත් නැ මට ආසාවට බලන්න..
ඔයා කොහෙහරි ඉදන් මං දිහා බලන් ඇති නේද? ඔයාගෙ චූටි පුතා තව දවස් ගානකින් බැදපු මිනිහෙක් වේවි අම්මා..එතනින් එහාට...
එතනින් එහාට මං තවදුරටත් මේ ලෝකෙ ජීවත් වෙලා ඉදීද නැද්ද කියන එක තීරනෙ වෙන්නෙ...මං බදින්න ඉන්න කෙනා මත තමයි..එයා.. හොද කෙනෙක් වේයිද..අම්මාහ්?
මං එහෙම කියලා අම්මගෙ මාලෙ පරිස්සමට මගෙ බෙල්ලට දාගෙන ජනේලෙන් එලියෙ බැලුවෙ හරියට එතන මගෙ අම්මා ඉන්නවා වගේ..ටිකක්වෙලා එහෙම බලන් ඉදලාත් මොකුත් උනෙ නැති නිසා මගේ මෝඩ වැඩ වලට හිනාවෙන ගමන් අනිත් පැත්ත හැරුනත් ඒ එක්කම ආපු රෝස සුවදක් මුහුවෙච්ච සීතල හුලගක් ජනේලෙන් ඇවිත් මගෙ වටේ කැරකිලා නැතිවෙලා ගියා...
.............
අභිශේක් povමං අද දවසම කලබලයි..අත් දෙකත් වෙවුලනවා..ඒ මදිවට නහුතෙට තදත්වෙනවා..මංදා මේ දැනුත් එක්කෙනෙක් මගෙන් බැනුම් අහලා ගියා..කේන්තියට බැන්නට මොකද ටිකවෙලාවක් ගියාම මටත් දුකහිතෙනවා..
මං නපුරුයි..පුදුම තරම් නපුරුයි හැබැයි මං කවදාවත් චූටි චුටි වැරදි නිසා මිනිස්සුන්ව මරං කාපු ගස් බල්ලෙක් උනේ නෑ ...ඒත් අද මං ගස් බල්ලෙකුත් වෙලා තිබ්බා.මේ ඔක්කොම අර
මගේ ජිවිතෙ විනාස කරන්න ආපු එකා නිසා..තව පැය භාගෙකින් ගෙදර යන්නත් ඕනේ ආආආආඅහ්හ්හ්හ්"මට බ්ලැක් කොෆි එකක් අරං එනවා ඉක්මනට!" මං කිව්වෙ මගෙ සෙකට්‍රිට..ඒ පොඩි කොල්ලා මං දිහා ඇස් ලොකු කරගෙන බලන් ඉදලා විදුලි වේගෙන් එලියට ගියා..හොදවෙලාවට ගියේ තව තප්පර තුනක් පරක්කු උනා නම් අද දවසට 7 වෙනි පාරටත් ඒකා මගෙන් බැනුම් අහනවා පලු යනකන්..
අවුරුදු හතරක් මූ මාත් එක්ක කොහොම ඉහ ගහගෙන හිටියද මංදා.. කියලා හිතපු මම නලල අත් දෙකෙන් අතගාගන්න ගමන් ඇස් පියාගත්තා..ඒත් ඒ වේගෙන්ම මං ආයිත් ඇස් ඇරියේ හායි ගාලා ඇරුන දොර නිසා.
"මොන මගුලක්ද අයිසේ-"
"හෝව් හෝව් ගිනිගන්න එක නවත්තපන්!!"
"වාගී උඹ මොකද මෙහෙ?"
"අපේ ceo මහත්තයා උදේ ඉදන් පුපුරනවලු..මං ඉතින් මගේ ජොබ් එක පැත්තක දාලා ආවා බොක්කෙ ෆිට් එකගෙ කෝපය සන්සිදවන්න.." වාගීශ කිව්වෙ හරිබරි ගැහිලා මගෙ ඉස්සරා තිබ්බ පුටුවෙ වාඩි වෙන ගමන්
"කවුද උඹට කිව්වෙ?"
"උඹට ඒ මගුලෙන් වැඩක් නෑනෙ..මොකද දැන් පුපුරන්නෙ ආහ්?"
"දන්නැ"
"අනෙ තෝ බබා-ආ පූජා මල්ලි වරෙන් වරෙන්..මොකො බන් මූනෙ හැටි..උබට මේකා බැන්නද?" වාගි එහෙම කිව්වෙ ඒ වෙලේම බ්ලැක් කොෆි එකයි,අයිස්ඩ් කොෆි එකයි උස්සං මගෙ දිහාට හොර බැල්මක් එවන ගමන් ඇතුලට ආපු පූජනව පෙන්නන ගමන්...ඒකගෙ අතේ තිබ්න කොෆි දෙක දැක්කාම මං තේරුම් ගත්තා කවුද මේ දොස්තර හොද හිතට කේලම කිව්ව් කියලා..
"උඹලා දෙන්නා කලින් ඉදම්ම දන්නව වගේ?" මං කිව්වෙ පූජන දිහා පැනි බැල්මක් දාං හිටපු වාගීශට.
"නැත්තං-"
"ස්-සර් මං පොඩ්ඩක්..බාතෲම් එක පැත්තට.."කියපු පූජන ඉක්මනට වාශ්ප වෙලා ගියා..
"උඹ ඌට ට්‍රයිද?"
"ඔව් දැන් මාස තුනක ඉදන් ඒකගෙ පස්සෙන් යන්නෙ බට් නෝ රිප්ලයි ..ඇයි උඹත් කැමතිද ඌට"
"පිස්සුද තොට? මට උඹට තරම් අහවල් එකෙ අමාරුවක් නෑ.."
"ඔව් ඉතින් බොට ගෙදරින්ම අහවල් එකෙ අමාරුව හොදකරන්න කෙනෙක්ව හොයලා දීලනෙ..මේ.. උඹ දැන් මේ කලබල වෙලා ඉන්නෙ අරක නිසා නේද?
"ම්න්.."
"මං කිව්වනෙ කලබල වෙන්න එපා කියලා! උබෙ අම්මල තාත්තලා දෙයක් කරන්නෙ හොදට හිතලා බලලා..සෝ.."
"ම්ම් බලමුකො ගිහින්ම..හැබැයි ඌව මගේ හිතට සෙට් උනෙ නැත්තං අම්මලා ඔලුවෙන් හිටං කිව්වත් මං ඌව බදින්නැ බදින්නෑමයි!!"
............................................................
Thank u for reading
Luv youuu <333333
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...