.
.ශිතෙව් pov
"අයියේ...මල්ලි ඇවිත් හිටියෙ නෑ නේද??මං එයාව දැක්කෙ නෑනෙ..."
"මං දැක්කා ගාර්ඩ්න් එකෙ ඉන්නවා පැටියො..සෙරමනි එක තියෙනකොටත් ගාර්ඩ්න් එකේද දන්නැනෙ හිටියේ??.."
"ආආ පුදුමයි මල්ලි පාඩුවෙ හිටියා මේ දවස් ටිකේ..මං ගොඩක් බයෙන් හිටියෙ"
"බයෙන්?ඇයි ඒ?"
"එයා කිව්ව ඔයා එයාගෙ නිසා ඔයාගෙන් ඈත් වෙලා ඉන්න කියල..මැරේජ් එකත් කැන්සල් නොකරොත් මට හොද පාඩමක් උගන්නනව කියලත් කිව්වා"
"ඒකද එදා ඇවිත් මැරේජ් එක කැන්සල් කරන්න කියලා කිව්වෙ?"
"ඔව්නේ..නැත්තං මට පිස්සුද අනේ ඔයාව කසාද නොබැද ඉන්න???අවුරුදු ගානක ල--ඕඕඕඕ ඉන්කි පින්කි පොන්කි අර බලන්නකෝ අයියේ කුරුල්ලො පියාබනවා!" ෆක්නෙ කෑවනෙ කෑවනෙ ජරා කට..වට්ටි අම්මෙක් වගේ කියෝනවා අයියා ඉස්සරහා අන්තිමට ජන්මෙත් ලෙප්ට්
"කුරුල්ලො ඉතින් පියාබන්නැතුව බඩගාන්නද සුදූ?අනික මේ හද්ද කරුවලෙ මොන කුරුල්ලොද?අර කියන්න ගිය එක වහාම කිව්වොත් උඹෙ ශරීර සෞඛ්‍යට හොදයි.." අයියා කිවවෙ අර සීතල බැල්මෙන් මගෙ දිහා බලන ගමන්..මේ මිනිහා සිරියල් කිලර් කෙනෙක් වගේනෙ..මේ මිනිහව බැදගෙන මං කොරගත්තෙ ගොන්කමක්ද? අනේ අම්මෙහ් ඔයාගෙ පුතා ධාම ඝාතකයෙකුගෙ බිල්ලක් වී ඇති සැටියි
"ඇ..ඈ..ඈ මොකක්ද ඇහෙන්නැනෙ??" එව්ව් රවනවනෙ
"එයාපෝර්ට් එකට යන්න කලින් රේන්බෝ අයිස්ක්‍රීමක් අරං දෙන්න හිටියෙ ඒත් උඹ උඹෙ සත්ගුණවත් ස්වාමි පුරුශයාගෙන් යම් යම් දේ හංගන නිසා ඕන්නැ.."
"හා..හරි හරි ඉතින් මං මේ...කියන්න ගියේ ...මං මේ..කියන්න.."
"තටමන්නැතුව කියපාම්"
"ඔයා9වසරෙඉදන්මගෙලව්එකනෙඉචිම්"
"හහ්?"
"ඔයා..ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන් උන කාලෙමයි..මගෙ හිතෙ..ඔයා ගැන ක්‍රශ් එකක් ඇති උනේ..කල් යන්න..කල් යන්න ඒක වැඩි උනා මිසක් අඩු..උන්නැ.." මං කිව්වෙ ජනෙලෙන් අනන්තය හොයන ගමන්..මේකෙන් බැහැලා පයින් යන්න බැරිද දන්නැ
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...