අභිශේක් povමං බලාගෙන හිටියා අපෙ අම්මයි, අප්පච්චි ආපු කට්ටිය පිලිගන්න යනවා.හැබැයි මං නම් නෙවෙ ඉදන් හිටිය සෝෆා එකෙන් නැගිට්ටෙ...එත් ආපු කට්ටියත් එක්ක දැක්ක මූන නිසා මාව ඉබේම නැගිට්ටුනා.. මොකද ඒ ඇවිත් හිටියෙ ශිතෙව්!!
අම්මයි අප්පච්චි ඒකගෙ අත් දෙකෙන් ආදරෙන් අල්ලං ඉන්නකොට කෑගහලා ඕගොල්ලොන්ගෙ ලොකු පුතාට අරහෙම වෙලා තියෙන්නෙ ඔය අල්ලන් ඉන්න එකා නිසා කියලා මට කියන්න ඕනෙ උනත්..මට උනේ චර බර ගගා දත් මිටි කාකා ශිතෙව් මගේ දිහා බලනකොට අහක බලාගන්න!
"පුතා මේ ඉන්නෙ ඔයා බදින්න ඉන්න කෙනා..ශිතෙව්... අයියා ගාවින් ඉදගන්න දරුවෝ.."
කියපු අපෙ අම්මා ශිතෙව්ව මගෙ එහාපැත්තට එව්වා..දැකල විනාඩි පහක්වත් ගියේ නෑ දරුවො කියලත් කියනවා..ඔව් ඉතින් මේ වගේ අහිංසක මූනක් දාං හිටියාම කවුද රැවටෙන්නෙ නැත්තෙ? මං හොරෙන් ශිතෙව්ගෙ පැත්ත බැලුවාම මං දැක්කා එයා බිම බලාගෙන ඇගිලි එක්ක මොනාදෝ කරනවා.. මල සමයං..
"ඉතින් මංචේ..කෝමද බිස්නස් එහෙම?"
ආපො ඔන්න පටන් ගත්තා මට ආසම නැති ටොපික් එක! වෙන දෙයක් ඇත්තෙම නැද්ද මේ මිනිස්සුන්ට කතා කරන්න?අනික මට මෙ කපටි මූනක් තියෙන මිනිහව අල්ලන්නෙත් නැ
"බිස්නස් නම් සුදු පුතා බලන හින්දා හොදට කෙරෙනවා ජයසේකර.."
"ඔයාට නම් හොද කොල්ලෙක් හරි ඉන්නවා.. මට එකෙක් ඉන්නවා මෙලො වැඩකට නැ..අනිත් එක්කෙනා ඉතින් පොඩිනෙ තාම" කියලා ජයසේකර අන්කල් කිව්වෙ ශිතෙව් දිහාට නපුරු බැල්මක් පාකරන ගමන්..අනික අර 'පොඩී' කිව්ව කෙනා නම් පොඩිම නැ..අඩූම උනොත් 23 ක් විතර ඇති..
"දොස්තර කෙනෙක් වෙන එක කොච්චර අමාරුද නේද පුතා??..ඉන්නකො මං බීම එකක් ගේන්නං" කියලා අම්මා ශිතෙව්ගෙ ඔලුව අතගාගෙන කිචන් එක පැත්තට ගියා..
"ඉතින්?ඉතින්?.." අපෝ පට්ට කම්මැලිනෙ අප්පා..බිස්නස්!බිස්නස්!අර අනිත් කොල්ල නම් ෆොන් එකෙ ගේම් එකක් ගහන ගමන් මං දිහා හොරෙන් බැල බල හිටියත්,ඔලුව බිමට නවාගත්ත ශිතෙව් නෙවෙයි තාම මං දිහා ඇහැක් ඇරලවත් බැලුවෙ..
"සුදු පුතා ඔය දරුවවත් අරගෙන ගාර්ඩ්න් එකට ගිහින් ටිකක් කතාකරලා එන්න..මං ඕගොල්ලොන්ගෙ ඩ්රින්ක්ස් එහෙට එවන්නං" කියලා අප්පච්චි කියනකොට මං ඔලුවෙන් ශිතෙව්ට අඩගහගෙන එලියට ගියා...ඒ ගිහිනුත් එයා නෙවෙයි මගේ දිහා බැලුවෙ..මගෙ මූන දිහා බලන්නෙ නැතුව ඉද්දි මට ආයිත් ආවෙ තරහක්
"තමුසෙ මොකටද මෙහෙට ආවෙ ශිතෙව්?"
"ආහ්?"
"තමුසෙගෙ කන් ඇහෙන්නෙ නැද්ද?"
"න්..නැ..මේ..ඔ.ව්.."
"ඉස්සෙල්ලාම ඔය ඇගිලි එක්ක කරන විගඩම නවත්තලා මගේ දිහා බලනවා..තමුසෙ මේ ගැන දැනගෙන නේද ආවෙ?"
"ම්..මොක්..කක්"
"තමුසෙ මගේ අයියාට අර වගේ බලු වැඩක් කරාට පස්සෙත් මේ ගෙදරට පය තියන්න පුලුවන් උනාද ඕයි? ශික්"
"අ..අ ..යිය?ම..ං" ශිතෙව් මගේ දිහා බැලුව විදිහට මං කිසිම දෙයක් නොදැන හිටියා නම් එයාව විශ්වාස කරන්නත් ඉඩ තිබ්බා..ඒ තරම් අහිංසක විදිහට තමා මගේ දිහා බැලුවේ.මේ විදිහට බලන වාරයක් වාරයක් පාසා මට එයත් එක්ක තියෙන කේන්තිය වැඩි වෙනකොට මට හිතාගන්න බැරි උනා කොහොමද මං මෙ මනුස්සයව බැදලා ඉන්නෙ කියලා..ඒත් you know what shithew? I'll just show you the fucking hell!
මං මගේ හිතෙන්ම හිතුවේ කටකොනකින් හිනාවකුත් දාන ගමන්..ඒ කටකොනෙ ඇදිච්ච හිනාව එයාලා ගෙදරට යනකන්ම නැති උනේ නැ
___________
_______________
Thank u for reading ❤💚
වෝට් එකක් දාගෙනම යන්න 🤭🌼
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...