අභිශේක් pov
"අඩෝ බොක්ක..උඹ අද දවසෙම මනෝ පාරක් ගගහා හිනාවෙවී හිටියා කියලා ආරංචියක් ආපු නිසා 8 වෙනි ලෝක පුදුමෙ බලන්න කියලා කොලඹ ආපු ගමන් මං දුවං ආවෙ මේ.."
රිපෝර්ට් වගයක් අතේ තියාගෙන මනෝ ලෝකෙ හිටපු මාව ඇත්ත ලෝකෙට ගත්තෙ ටිං බෙලෙක්කෙකට ගල් ගහනවා වගේ ඇහිච්ච වගීශගෙ කටහඩ! ඌ ඇතුලට එනවත් එක්කම මං දැක්කෙ විනිවිද පේන දොර ගාව හිටන් හිටපු පූජනව.. හුහ් මූද එතකොට මහලොකු කේලමා..ඉදහන්කො පූජන උඹට හෙට වැඩ පිට වැඩ පවරනවා මම ආයිත් කේලම් කියන්න වෙලාවක් හොයාගන්න බැරි වෙන්නම.
"පූජා අයිස්ඩ් කොෆි එකක් අරං එන්නකො මගේ රත්තරනේ..ඉතින් ඉතින් ලෝකෙ විනාස වෙන්න යනවා කියලා මං බයවෙන්න ඕනෙද බන්?"
"හහ්?"
"නැ ඉතින් උඹ මලාට හිනාවෙන එකෙක් නෙවෙනෙ..ලෝකෙ විනාසෙ ලග හින්දද දන්නැනෙ උඹ මේ විදිහට හිනාවෙන්නෙ?"
"පල පල හු## නෝන්ඩිය නොදා..උඹත් හෙනම හෙන චීත්තයක් නේද බන්.."
"උඹ පලයන්..අර කොල්ලා බය වෙලා උඹ මොනා හරි බීලා කියලා..මට හෙන කලබලෙන් කතා කරේ සර්ට මොකක්ද වෙලා ආපු වෙලාවෙ ඉදන් තනියෙම හිනාවෙනවා පොඩ්ඩක් ඇවිත් බලන්නකො අයියේ කියලා..හහ් හහ් හා ඉතින් ඉතින් මොකක්ද අලුත්ම අරංචිය.."
"හ්ම්??උඹට ලබන සතියෙ දෙවෙනි ම්නමාලයෙක් වෙන්න පුලුවන්" මං කියනකොට වගීගේ කටත් ලොකු වෙලා ආවා ඒත් ඌට ඊට එහාට දෙයක් අහන්න බැරි උනේ ඒ වෙලේම කාමරේට ආපු පූජන මගෙ බ්ලැක් කොෆි එකයි,වගීශගෙ අයිස්ඩ් කොෆි එකයි අරගෙන ආපු ට්‍රේක පිටින්ම බිම වැටුන නිසා
"හහ්ක්! ආව්.."
"පූජන!ආර් යු ඕකෙ?" පුහ් පලපුරුදු ගලවාගැනීමෙ හමුදා නිලදාරි වගීස කාරියවසම්..මූනෙ තියෙන බිබික්කම් පාට විතරක්..ඊව්
"ඕ..ඕ සො-සොරි සර් මං ඉක්මනට-"
"දැන් ඕන්නැ ඕකට බෙහෙත් මොනා හරි ගාගන්න ගිහින්..අනික මං කිව්වෙ වගීශ මනමාලයෙක් වෙනවා කියලා නෙවෙ..දෙවෙනි මනමාලයෙක් වෙනවා කියලා" මං කිව්වෙ කටකොනකින් හිනාවෙන ගමන්.මං එහෙම කියනකොට පූජනගෙ මූනම රතු වෙලා ගියා
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...