Ep- 03

8 1 0
                                    


ධනවත් දරුවෙකු වීමේ භාග්‍ය නිසාම මා හට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේද ධනවත් ළමයින්ගෙන් පිරුනු ඉතා සුප්‍රසිද්ධ පාසලකයි. සාමාන්‍ය පෙළ විභාගය ළං වනවිට පාසලේ වැඩිම ලකුනු හිමි සිසුවා වීමද මාගේ අහංකාරකම කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල කරන්නක් විය.

කෙතරම් පොහොසතෙක් වුවද, තාත්තාගෙ ව්‍යාපාරය කෙරෙහි හෝ අප සතුව පවතින වත්කම කෙරෙහි හෝ කිසිඳු තැකීමක් මා තුල නොවීය. පැය දෙකක පමණ කාලයකට පසු පැමිනි අමුත්තන් අප නිවසින් පිටත් වී ගිය අතර අම්මා වෙත ගොස් මම

"ඇයි අම්මෙ එකපාරටම නෑදෑයො මෙහේ ආවෙ"යි ඇසුවෙමි.

"ලොකු නැන්දාගෙ දුව කසාද බඳිනවලු. අපට මගුල් කියන්න ඇවිත් තියෙන්නෙ ඔය."යි අම්මා පිළිතුරු දුන්නාය.

පසුව අම්මා මා හට තාත්තාගෙ පවුල පිලිබඳ තොරතුරු සියල්ල පැවසුවාය.

තාත්තාගෙ පවුලේ තාත්තාට අමතරව තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටින අතර ඉන් වැඩිමහල් සහෝදරිය මීට පැය කීපයකට පෙර අප හමුවට පැමිනියාය. තාත්තා තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට පැමින, පසුව මෙරට සුප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර හතරක් පමණ සේවය කළේය. එම ආයතනයේ සේවය කරන අතරතුර තාත්තා තම ආයතන ප්‍රධානියාගෙ එකම දියණිය වූ නයෝමි වික්‍රමාරච්චි, එනම් මාගෙ මව සමඟ විවාහ වූ අතර කාර්‍යබහුලත්වය නිසාම තාත්තාට නැවත ගම කරා යෑමට නොහැකි විය.

හවස තාත්තා නිවසට පැමිනි පසු අම්මා සිදුවූ සියල්ල විස්තර කර තාත්තාට පැවසූ අතර තාත්තා දුරකථනය ගෙන කන්තෝරු කාමරයට පියනැගීය.

"අම්මේ... තාත්තා මොකද කියන්නෙ?"

"තාත්තා කියනවා ගමේ යන්න ලෑස්ති වෙන්න කියලා. ඔෆිස් එකට කෝල් එකක් ගන්න ගියේ ඔය..."

"අපි මේ තියෙන වැඩ ඔක්කොම දාලා තාත්තාගෙ ගමේ යනවද?"

"ගෙදරටම ඇවිත් මගුල් කියලා ගියාම නොගිහිං කොහොමද?... අනික ඒ තාත්තාගෙ අක්කානෙ."

"ඒ උනාට ගූගල් එකේවත් නැති ගමක ගිහිං මං කොහොමද ඉන්නෙ?... අනේ අම්මේ මං මෙහේ නවතින්නම්කො...."

My Love From A VillageDonde viven las historias. Descúbrelo ahora