Asaliya's pov .
" ආදි.............."
*
*
*
*
පල්ලට දුවන් ආපු වේගෙන්ම මන් ගිහින් නැවතුනේ ආදිගේ අත් දෙක අස්සේ ..... ඒ ගැම්මටම ආදි මාව එයාගෙ පිටිපස්සට ගත්තා ...... turbo වගේ ගිනි පිබගෙන ආපු යසිත් මල්ලිව ආකාශ් අයියා අල්ලගෙන ..... අපිව පන්නගෙන ආපු උන් ආදිවයි ආකාශ් අයියවයි දැකලා එහෙම්ම නතර උනා.......
" ඔහ්හ් ආදිත්‍ය අයියා ....... ආකාශ් අයියා....... "
" මොනවද මෙතන වෙන්නේ මහේශ් ..... "
ආදිවයි ආකාශ් අයියවයි දැකලා කලබල වෙලා හිටිය උන්ගෙන් ආකාශ් අයියා deep husky voice එක්කින් ඇහුවාම බයටම උන්ට කෙල ගිලෙනවා මට හොදටම පෙනුනා.....
" සේරම හරි ලොකු අයියා ..... අපි පොඩි වැරදි වැටහීමකින් හිටියේ..... දැන් සේරම හරි එහෙම නේද මචන් ...... "
යසිත් මල්ලි ඉක්මන්ට ආකාශ් අයියාගේ අතින් අල්ලන් කිව්වා .......
" ඔ ... ඔව් ඒක වැරදි වැටහීමක් ..... දැන් හරි.... යසිත් sorry මචන් ...... දැන් ඔක්කොම shape ....... " ,ගොත ගහ ගහම මහේශ් කියනවා ...... උන්ගේ ගැන්සියම හොදටම බය වෙලා.......
" උබ පලයන් පැත්තකට ....... "
ආකාශ් අයියා එයාගෙ අතේ එල්ලිලා හිටිය යසිත් මල්ලිව තල්ලු කරන ගමන් කිව්වා......
"මන් උබ ගැන පස්සේ බලා ගන්නම් .....
වැරදි වැටහීමක්...... wow..... ඒක හරි ශෝක් වැරදි වැටහීමක් ..... අපි මෙතෙන්ට ආපු ගමන්ම ඒක හරි වැටහීමක් වෙලා....... කමක් නෑ කමක් නෑ ...... මන් සුදේශ්ට කියන්නම් උගේ මල්ලි ගැන හොද අවදානෙකින් ඉන්න කියලා.....ම්ම්ම්ම්ම් අයේ අපෙ ඇස් වලට පේන මේ හරියේ ඉන්න එපා හොදද පොඩ්ඩෝ....... "ආකාශ් අයියා එහෙම කියන ගමන් මහේශ්ගෙ කම්මුලට හෙමින් තට්ටු කරා..... බයටම මහේශ් පිටිපස්සට ගියා.....
" මොනවද ඉතින් තවත් ඉන්නේ පලයන් මෙතනින් ........ "
ආකාශ් අයියා වේගෙන වේගෙන් යන කොල්ලො ටික දිහා බලන් ඉදලා ඊලගට හැරුනේ යසිත් මල්ලි පැත්තට ....... බයටම යසිත් බිම් බලාගෙන ඉන්නවා ..... ආදී .. ආකාශ් අයියයි යසිත් ගාවට ගියා......
YOU ARE READING
My Love
Phi Hư Cấu"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හවුස් එකේ උඩ තට්ටුවේ උස වීදුරු ජනේලෙකින් ආදි මන් දිහා බලන් හිටියා.......... he is handsome like a gree...