ආදිගේ පවුල

103 21 10
                                    

" ආදි .... my son.... i will waiting for you...."

*

*

*

*

ආදි අයියාගේ සීයා ...... එයා දොර ගාව ඉදන් හිනා වෙවි ආදි අයියා දිහා බලාන හිටියෙ පුදුම තරම් ආදරෙකින් .......

" සීයා...... " ආදි අයියාත් හිනා වීගෙන ගිහින් සීයව බදාගත්තා....

ආදි අයියාගේ සීයා ........ එයාට තිබ්බෙත් ආදි අයියාගේ වගේම ලස්සන හිනවකුයි .. සුදුම සුදු පාට දත් පේලියකුයි ....... ආදි තරමටම උසයි.... කොන්ඩේ සුදුම සුදුයි සීයාගේ ... වයස උනාට දිග ඇගිලි තිබ්බ අත් සෑහෙන්න ශක්තිමත් විදිහට පිහිටලා තිබ්බා...... වැඩිය මහතත් නැති කෙට්ටුත් නැති ශරිරේ හින්දා මට නම් සීයව දැක්කම හිතුනේ තවමත් කිසිම ලෙඩක් දුකක් නැතුව නීරොගීව ඉන්නවා ඇති කියලයි.... අනේ කොච්චර හොදද..... සීයත් තරුණ කාලේ ආදි අයියා වගේම කඩවසම් මනුස්සයෙක් වෙලා ඉන්න ඇති.......

සීයව දැක්ක ගමන් මට දැනුනේ පුදුම ආදරයක් .... වෙන මොකුත් හින්දා නෙමෙ මගෙ සීයා මතක් උන හින්දා මගේ සීයාත් ආදිගේ සීයා වගේමයි ..... ඒත් මන් පොඩි කාලෙදිම  සීයා හාට් ඇටැක් එක්කින් නැති උනා එදා තරම් මන් දුක් වෙලා නෑ කවදාවත්......

සිප වැළඳ ගැනිම් වලින් පස්සේ සීයා අයියාගේ උරහිස් වලින් අල්ලලා එහාට කරලා එයා දිහා බලන් හිටියේ ලොකු ආඩම්බරේකින් ...... එයා දිහා එහෙම බලන් ඉදපු සීයාගෙ ඇස් ඊලගට හැරුනේ තාම කාර් එක ගාවට වෙලා ඒ දිහා බලන් හිටපු මන් දිහාට.......

මට ටිකක් බය හිතුනත් සීයා මන් දිහා බලලා කට පුරා හින උන හින්දා බය ටිකක් ඇරිලා ගියා.......

" අආආඅ එහෙනම් මේ ඉන්නේ මගෙ කින්ග් තෝර ගත්ත ක්වීන්....... මෙහෙට මේ මන් ගාවට එන්න දරුවෝ මොකද ඔතෙන්ට වෙලා කරන්නේ ....... " සීයා මන් දිහා බලාගෙන කිව්වා ...... මන් හෙමින් ආදි ගවට ගිහින් හිට ගත්තම සීයා එයාගෙ අත් මගේ උරහිස් උඩින් තියලා මාව එයා ගාවට ගත්තා...... මන් දිහා ලොකු අවදානෙකින් බලන් හිටපු සීයා .......

" එහෙනම් ඔයා තමයි අසලියා ....... මගේ දෙවනි මිනිබිරි ....... අපේ පව්ලට සාදරෙන් පිලිගන්නවා දරුවෝ...... එන්න එන්න යන් ඇතුලට කට්ටියම බලන් ඉන්නවා ........ " එහෙම කියලා මගේ කරට අත දාගෙන මාව සීයට තුරුල් කරන් ගේ ඇතුලට එක්කන් ගියා.......

My Love Where stories live. Discover now